නිවැරදි දිශාවට පියවරක් -රජ්‍ය අංශ වෙළෙඳ දැන්වීම් තහනම

 

 

article-c4aaa58b-5aac-4c85

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතනවලට මාධ්‍ය වෙළඳ දැන්වීම් පලකිරීම තහනම් කොට ඇත. එම තීරණය ඉතාම හොඳ එකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ. නමුත් එම තීරණය නිසා පුද්ගලික මාධ්‍ය ආයතන විශාල මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිති.

 

පසුගිය දස වසර පුරා රාජ්‍ය ආයතන තම දූෂන ක්‍රියාවන් සහ නාස්තිකාර ක්‍රියාවන් සමාජයෙන් සඟවා තබන ලද්දේ වෙළඳ දැන්වීම් පුද්ගලික මාධ්‍ය ආයතනවලට ලබාදීම හේතුවෙනි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති නිවාඩ් කබ්රාල්ගේ දූෂිත ක්‍රියාවක් ලිඛිත සාක්ෂි සහිතව පුද්ගලික මාධ්‍ය ආයතන හරහා පලකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එම සෑම මාධ්‍ය ආයතනයකම කතෘවරුන් කියා තිබුනේ ‘ඔය නිවුස් එක දාල අපිට සෙන්ට්‍රල් බෑන්ක් එක වගේ හොඳ එකවුන්ට් එකක් නැති කර ගන්ඩ බෑ’ කියාය.

මෙම තත්වය
මනාව තේරුම් ගෙන ඇති ජනාධිපතිවරයා තවදුරටත් තත්වය එසේ සිදුවීමට ඉඩනොදී වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙළඳ දැන්වීම් පලකිරීමෙන් වලකින ලෙස නියෝග කිරීම ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා තබන ලද ඉදිරි පියවරක් වශයෙන් සමාජ ක්‍රියාකාරීන්ගේ ඇගයීමට ලක්වී තිබේ.-lanka news web

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.