නිශාන්ත වර්ණසිංහ ගේ කාර්යලයට ප්‍රහාර

 

 

 

 

Nishantha-Sri-Warnasinghe1

එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත වර්ණසිංහ මහතා ගේ අගලවත්ත බදුරලිය පක්ෂ කාර්යාලයට අද (ජූලි 26) අලුයම ප්‍රහාර දෙකක් එල්ල වී ඇත.

රාත්‍රීයේ අවස්ථා දෙකක දී ගිනි අවි සහිතව ජීප් රථයකින් පැමිණි මැර කණ්ඩායමක් මෙම ප්‍රහාර එල්ල කොට ඇති බවට පැමිණිලි ලැබි ඇති බව පවසන කැෆේ සංවිධානය එම ප්‍රහාරය එල්ල කිරීම සමබන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුටම ය.

කැෆේ විධානයේ වාර්තා අනුව එසේ චෝදනා එල්ල වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ දේශපාලනඥයකුට අයත් කණ්ඩායමකට ය. යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයින් අතර මානාප සදහා තියුණු තරගයක් නිර්මාණය වී තිබීම මෙම ගැටුමට හේතුව බව ද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මැතිවරණයේ මේ දක්ව කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 536 කි. එයින් 26 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙනි. ගෙවී ගිය දින 7 ක කාලයේ ගිනි අවි සහිතව සිදු කළ පළමු ප්‍රචණ්ඩ ක්‍රියාව බදුරලියේ දී නිශාන්ත වර්ණසිංහ මහතා ගේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය යි.

ප්‍රහාරයෙන් අජිත් ප්‍රියන්ත සහ ඩී.කේ. ජයතිලක යන අය තුවාල ලබා ඇත. සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසූවේ ‘ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් එකවරම ගිනි අවි සහ යකඩ පොළු සහිතව කාර්යාලයට කඩා වැදී පහර දුන්නා. භාණ්ඩ සහ ප්‍රචාරක පුවරු ප්‍රහාරයෙන් විනාශ වී තිබෙනවා. මේ පිළිබඳ පොලීසියට පැමිණීලි කිරීමට ගියා. ඉන් පසුව මේ පිරිස නැවත එම වාහනයෙන්ම පැමිණ නැවත වරක් ප්‍රහාරයක් එල්ල කළා.‘යනුවෙනි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.