නීති කොමිසමේ සභාපති රොමේෂ්ද සිල්වා

 

dda25ec561c1a4fbe584ee946f383bdd_L

 

 

නිතී කොමිෂන් සභාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමාජිකයන් පත් කර තිබේ.

1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන  වගන්තියේ විධිවිධාන යටතේ අදාළ පත්කිරීම් සිදුකර ඇත.

කොමිසමේ  සභාපති  ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ්ද  සිල්වා මහතා පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා කියයි.

කොමිසමේ සාමාජිකයන් ගණන 14කි.

ජනාධිපති නීතීඥවරුන් වන පාලිත ප්‍රනාන්දු,  එස් අනිල් සිල්වා,  මනෝහාර ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල්,  ඉක්‍රම් මොහොමඩ්,  සංජීව ප්‍රනීත් ජයවර්ධන , නීතීඥවරුන් වන   ආචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ධාරණි එස්. විජයතිලක,  ආචාර්ය කාමිනා ගුණරත්න, එම්. ස්වාමිනාදන්,  එන්. සෙල්වක්කුමාරන්,   නවීන් සුරත් මාරපන, තිසාත් විජයගුණවර්ධන, ජී.ජී. අරුල්ප්‍රගාසම්  යන මහත්මීහු කොමිසමේ සාමාජික සාමාජිකාවෝය.

2015 මාර්තු මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි  අවුරුදු පහක කාලසීමාවකට නීති කොමිසම බලපැවැත්වෙන බව දැනගන්නට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.