නීපා 11 බිලිගනී, දෙදෙනෙකුට අසාධ්‍යයි!

nipah virusඉන්දියාවේ කේරල ප්‍රදේශයේ පැතිර යන නීපා Nipah වෛරසය හේතුවෙන් මේ වන විට 11 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තත්වයේ පසුවෙයි. එසේම රෝගීන් 40 ක් පමණ ප්‍රතිකාර ගනිමින් සිටී.

නීපා එස්සෙපලයිටීස් ( මොළය ඉදිමීම) සඳහා හේතුවන අතරම මොලයේ දැවිල්ලක් හටගනී. උණ, වමනය, තදබල හිසරදය සහ නිතර ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා මෙම රෝගයේ ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ පසුව නිදිමත,සිහිමදගතියට හැරේ. රෝගය වැළදී දින 2ත් 3 ත් අතරදී කෝමා තත්වයට රෝගියාව පත්වීම හෝ මරණය සිදුවේ.

මේ වන තෙක් මෙම වෛරසය නිවාරණය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයාගෙන නැත. රෝගය වැලදීමත් සමග ඇතිවන අපහසුතා සඳහා පමණක් ප්‍රතිකාර කෙරේ. සුපරීක්ෂාකාරීව රෝගියා තැබීම සාමාන්‍යන් සිදුකරයි. ප්‍රතිකාර කරනු ලබන පිරිස අනිවාර්යෙන්ම ආරක්ෂිත වැස්මවල් පැළදිය යුතු වේ. මෙහි ඇති ඛේදජනක උදාහරණයක් ඇත. එනම් ඉන්දියාවේ වයස අවුරුදු 33 ක් වූ සාත්තු සේවිකාවක්, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගොස් රෝගය වැළදී මිය ගියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම රෝගයෙන් මිය යාමේ ප්‍රතිශතය 75% ක් බවයි.

මෙම වෛරසය පළතුරු වවුලන්ගෙන් ආරම්භ වූ බවට සැක කෙරේ. ඉතා කලාතුරකින් මෙම වවුලන් මත යැපෙන සතුන්ගෙන් මෙම රෝගය බෝ වේ.

මේ වෛරසය 1998 දී මැලේසියාවෙන් වාර්තා විය. එහිදී සින්ගායි නීපා නම් ගමෙහි සිටි ඌරන් හරහා මේ රෝගය ව්‍යාප්තව තිබුණි. එහිදී රෝගීන් 300 ක් හදුනාගත් අතර එයින් පුද්ගලයන් 100 ක් මිය ගියේය.

මෙම වෛරසය සෘජුව ව්‍යාප්ත වේ. කෙළ මගින් විශේෂයෙන් ව්‍යාප්ත වේ. රෝගය වැලදුනු ඌරන්, එළදෙනුන් හෝ මිනිසුන් මගින් මේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමට හැකිය.

මේ රෝගය වැලදුනු වවුලන් විසින් දත ගැසූ පළතුරු ආහාරයෙට ගැනීමෙන් මේ රෝගය වැලදී ඇති බවට සාක්ෂි2004 වසරේදී බන්ග්ලාදේශයෙන් හමුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.