නීශා බිස්වාල් ශ්‍රී ලංකාව ගැන සාසධනීයයි – රවුෆ් හකීම්

hakeemdd

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මෙනෙවිය  දේශපාලන නියෝජිතයින් පිරිසක් හමුවූවා ය.

අමෙරිකානු තනාපති නිල නිවසේදී දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් පිරිසක් හමුවූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මෙනෙවිය ඔවුන් සමඟ කරුණු කිහිපයක් සාකච්ජා කර තිබේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සංවිධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

‍අනතුරුව නීශා බිස්වාල් මෙනෙවිය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා හමුවුණේ අමාත්‍ය නිල නිවසේදී ය.

නව ආණ්ඩුව පිහිටුවීමත් සමග සිදු කිරිමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන, යහපාලන ක්‍රියාවලිය, ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් පිළිබඳව සහ විවිධ ජාතීන්ගේ අදහස් පිළිබඳ දැනුවත් වීම මෙම සාකච්ජාවල අරමුණ වී තිබේ

[vsw id=”/3Mn35dflD5w” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.