නීෂා නෝනා කොයි බටද?

nisha

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් කොළඹ දී තමන්ට කියන්නට ඇති දේ ප්‍රකාශ කොට රටින් පිටව ගියාය .

“මානව හිමිකම් තත්ත්වය නරක අතට හැරීම,ආගමික සුළුතර කොටස් වලට එල්ල වන ප්‍රහාර,නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ,දූෂණය වැඩි වීම සහ දඬුවම් ලැබීමකින් තොර ව වැරදි සිදු කිරීමට ඉඩ දී තිබීම යනාදී කරුණු වට්ටෝරුවක් ඉදිරිපත් කරමින් ශ්‍රිලංකාවේ මානව හිකම් වාර්තාවේ හැසිරීම අයහපත් බව ඇය කියා සිටියාය.ඇය ලන්ඩන් හරහා ජිනීවා බලා යාම සඳහා ගුවන් ගත වූ වහාම විදේශ ඇමති ජී එල් පීරිස් කියා සිටියේ මේ සියල්ල පදනම් විරහිත චෝදනා වන බවයි.

ආණ්ඩුවේ නරක දැකීමේ දේශපාලන අරමුණ ඇතුව මේ චෝදනා ඉදිරපත් කෙරෙන බව පැහැදිලි යැයි මහාචාර්ය පීරිස් කියා සිටියේය.

දැන් ජිනීවාහි සිදුවන්නට යන දේ පැහැදිලිය .

දෙපර්ශවයයම තම ස්ථාවරයේ රැදී සිටින බවත් දීර්ග වාද විවාද වලින් අනතුරුව ඇමරිකාව තම යෝජනාව ඉදිරිපත් කරනු ඇත .

ඇමරිකාව යෝජනාව ගෙන එන්නේ එය මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත හැකි බව දන්නා නිසාය .
ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයක පිහිටා සිටින්නේ එම යෝජනාව හරහා ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් නොවන බව අනුමාන කරන නිසාය.
ඇමරිකාව දැඩි වචන භාවිතා කළත් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් දිනවල සිදුවූ දේ පිළිබඳව බැහැරින් කෙරෙන පුර්ණ පරීක්ෂණයක්
බලහත්කාරයෙන් කිරීමට කටයුතු කරතැයි සිතිය නොහැක .

මන්දයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ රට තුල අතිශය ජනප්‍රිය බව මේ යෝජනා ගෙනෙන කව්රුත් දනිති එහෙයින් මේ මොහොතේ

ඔහු ගේ සිතැඟි වලට එරෙහි වනවාට වඩා ඔහු හා එක්වී ජාම බේරා ගැනීම පහසුය .

අනෙක් අතට රාජපක්ෂ පාලනය මාධ්‍යට මොනවා කීවත් ජාත්‍යන්තරය සමග ෆේස් ටු ෆේස් හැප්පෙන්න්න යන්නේ නැත.

හැකි හැම විටම ජාත්‍යන්තරය සමග ගනු දෙනු කිරීම තුලින් ගැටළුව සංවාද තලයේ තබා ගනිමින් කාලය ලබා ගෙන් ප්‍රශ්නයේ තීව්‍රතාව අඩු කරගැනීමට රාජපක්ෂ පාලනය උත්සාහ කරමින් සිටී . මෙය බටහිර බලවතුන් ගේ සතුටට හේතුවකි මන්දයත් ඔවූන්ට ඇත්තේ මේ ගැටළු ගැන කතා කරමින් තවත් අවුරුදු කීපයක් ගෙවා දැමීම පමනි.

ඒ සඳහා වාර්ෂිකව ජි නීවා හී දී ශබ්ද සැණකෙළියක් පැවැත්වීම ප්‍රමාණවත්ය.
මේ සඳහා සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ඉදිරි  දින කීප තුල දී ලන්ඩනයේ දීත් ජිනීවා හීදීත් චීන පටස් එකතු කරනු ඇත .
මාර්තු මාසයේදී කට්ටියටම එකට එක වී මේ චීන පටස් පත්තු   පැත්ත කල හැකි වන ඇත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.