නුගේගොඩ:මහින්දට සෙනග-රනිල්ට වාසිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පැමිණිය යුතු යෑයි ඉල්ලා සිටිමින් ඊයේ (18 වැනිදා) සවස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද” තේමාව යටතේ පැවැති ජනහමුවට අතිවිශාල ජනතාවක්‌ සහභාගිවී සිටියහ.

නව රජය බලයට පත්වී මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව සංවිධානය කළ පළමු රැස්‌වීමට මෙවැනි අතිවිශාල ජනතාවක්‌ සහභාගි වීම කැපී පෙනෙන සිද්ධියක්‌ බව දේශපාලන විචාරකයෝ පවසති.එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සෑහෙන තරමක බෙදුමක් ඇතිවිය හැකි බවත් විචාරකයෝ පෙන්වා දෙති.

ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්‌කාර, මහජන එක්‌සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුන් සහ පිවිතුරු හෙළ උරුමය නායක සහ හිටපු බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්විණි.

මෙම රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ද පළාත් සභා මැති ඇමැතිවරුන්ද පළාත් පාලන ආයතන නියෝජිතයෝ රැසක්‌ද කලාකරුවෝ හා බහුජන සංවිධාන නියෝජිතයෝ රැසක්‌ද සහභාගි වූහ.මේ අනුව ඉදිරි මැතිවරණයේදී  සන්ධානයෙන් තරඟ කරනවාද නැද්ද යන්න පිළිබඳව දැඩි මතභේද ඇතිවීමට ඉඩ ඇත.

එක්සත් ජාතික පක්ෂය

මේ තත්වය කෙටි කාලීනව එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුවත් දිගුකාලීනව ගැටලුකාරී විය හැකිය.මන්දයත් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පිළ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්  දැඩි ස්ථාවරයක් අනුගමනය කරන හෙයින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන දේශපාලන යෝජනාවලියට බාධා ඇතිවිය හැකිය.

පසුගිය ආණ්ඩුවේ දුෂණ සහ අක්‍රමිකතා ගැන කථා කළත් ඒ පිළිබඳව තවමත් නිසි පියවර  නොගැනීම හේතුවෙන් ඒ පිළිබඳව කිසිදු වග වීමකින් තොරව ඒ දුෂිත ක්‍රියාදාමයට සම්බධ පිරිස්වලට වේදිකාවට ගොඩවැදීමට ඉඩ ලැබී ඇති බව විචාරකයින් පෙන්වාදෙති.

නුගේගොඩ වේදිකාවේ සිට ජාතීන්  අතර සංහිඳියාව පිළිබඳව කෙරුණු ප්‍රකාශ දෙස බලන විට ජාතිවාදයට එරෙහි ශක්තිමත් ජනතා වැඩපිළිවෙලක් ගොඩ නැගීමේ අවශ්‍යතාවක් දක්නට ලැබේ.එසේ නොවුනහොත් ජාතිවාදය ඉතා ඉක්මනින් ජන මතය අත්අඩංගුවට ගනු ඇත.එදාට ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ බෙදුමෙන් රනිල් වික්‍රමසිංහ ලබන්න කෙටි කාලීන වාසිය දැවැන්ත අවාසියක් වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද නාමයෝජනා දීමේ බලතල තිබෙන තුරු මහින්ද පිළේ වැඩපිළිවෙලට ඔරොත්තු දිය හැකිය එහෙත් විමල්-දිනේෂ් ගුණවර්ධන-වාසු ආදී පිරිස් ස්වකීය දේශපාලන නන්නත්තාර බව වසා  ගැනීම සඳහා ප්‍රචලිත කරන මතවාද දේශපාලනිකව පරාජය කිරීමට නොහැකිවුනොත් ඒ දේශපාලන නන්නත්තාරවාදීන් පක්ෂය තමන් ගේ අතට ගන්නවා නිසැකය.

Big crowds at Nugegoda-

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.