නුගේගොඩ පපඩම

 

 

MALLL

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස  නම් කල යුතු යයි බල කරමින් ඊයේ දිනයේ නුගේගොඩ පැවති ජන රැළියට මහා සෙනගක් සහභාගී වී සිටියත් එහි සංවිධායකින්ට අවශ්‍ය ප්‍රතිපලය ලබා ගත නොහැකිවී තිබේ.

මෙම රැළියට සහභාගිවීම පක්ෂ විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවක් නොවන බව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.එසේ තිබියදී බලපෑමක් කල හැකි කිසිදු මන්ත්‍රීවරයෙක් මේ රැස්වීමට සහභාගී නොවීම පිළිබඳව දේශපාලන විචාරකයින් ගේ අවධානය යොමු වී තිබේ.

සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් මෙසේය.

එම රැලිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකු සහභාගීවූ වූඅතර එයින් වැඩිදෙනා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී නම යෝජනා ලබා ගැනීම පිළිබඳව ගැටළු ඇති අයයි.

කුමාර වෙල්ගම, ටී.බී ඒකනායක, මහින්ද යාපා අබේවර්ධන, සී.බී රත්නායක, ගාමිණී ලොකුගේ, සාලින්ද දිසානායක, මනූෂ නානායක්කාර, විදුර වික‍්‍රමනායක, දිලූම් අමුණුගම, එරික් ප‍්‍රසන්න වීරවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා මේ අවස්ථාවට එක් වුහ.

මේ රැස්වීම හේතුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල හෝ පාර්ලිමේන්තු කණ්ඩායම තුල බලපෑමක් කිරීමට  නොහැකි වී ඇති හෙයින් මාධ්‍යවෙදියෙක් මේ රැස්වීම හදුන්වා දුන්නේ පපඩමක් ලෙසිනි.

The impact of of the Nugegoda meeting is in question

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.