නුගේගොඩ රැළියට බස්නාහිර පළාත් සභාව එක්වෙයි ද?

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස මහ මැතිවරණයේදී ඉදිරිපත් කළ යුතු යෑයි හෙට (18 වැනිදා) නුගේගොඩ නගරයේදී පැවැත්වෙන රැස්‌වීමට බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක්‌ සහභාගි වීමට ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත.

බස්‌නාහිර පළාත් සභා ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) රාත්‍රි ශාවස්‌තියේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායමේ රැස්‌වීම අවස්‌ථාවේ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වනවාද? නැද්ද? යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකිවූ පසුව නැවත මන්ත්‍රීවරුන් රැස්‌වී ඉන් බහුතරයක්‌ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වීමට තීරණය කර ඇත. බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු සිටින අතර ඊයේ (18 වැනිදා) පැවැති රැස්‌වීමට මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ සහභාගි වී ඇත.

මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද‘ මැයෙන් බදාදා (18) සවස නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට යෑමට තමාද තීරණය කළ බව බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

හෘද සාක්කියට එකඟව වැඩ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා ඇති නිසාත්, මහින්දට ඡන්දය දුන් පනස් හත් ලක්ෂයෙන් තමා ද කෙනකු නිසාත් එම රැලියට යෑමට තීරණය කළ බව ඔහු පවසයි.

 

 

සහභාගී නොවන්නේ කවුරුන්ද?

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.