නුවරඑළියත් රත් වෙයි

nuwaraeliyaනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවුනු දශක දෙකක කාලයක සිට නුවරඑළියේ පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද උණුසුම් තත්ත්වයක් දකින්නට තිබිණ.

පසුගිය වසන්ත සමයේදී නුවරඑළියේදී සෙබඩෙකු හා කබරයෙකු හමුවිය. නුවරඑළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 සිට 17ක් දක්වා අගයක පවතින නමුත් එය විටින් විට වෙනස් වෙයි.

අවුරුදු සමයත් සමගම නුවරඑළියට පතිතවන වර්ෂාව ගෙවුනු වසර කීපය තුළදි හරි ආකාරව ලැබී නැති අතර මෙවර මේ දක්වා බක්මහ වැසි දැකගත නොහැකි විය. අප්‍රේල් මස ඇරඹෙන වර්ෂාපතනය ක්‍රමානුකූලව වෙසක් මාසය දක්වා ක්‍රියාත්මක වී ඉන් අනතුරුව නිරිත දිග මෝසම දක්වා වර්ධනය වීම නුවරඑළිය වැසියන්ට හුරු පුරුදු දෙයකි.

එහෙත් මේ වන විට නුවරඑළිය තුළ දැඩි උණුසුමක් දැනෙන්නට පටන් ගෙන ඇත. අද (25 වැනිදා) ප.ව. 3.30 ට පමණ නුවරඑළිය උෂ්ණත්වය 24 ක්‍ දක්වා ඉහල අගයකට ළඟා වී තිබු බව ෂෙල්ටන් හෙට්ටි ආරච්චි ලංකාදීපයට වාර්තා කොට සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.