නුවර අධිවේගය පොතුහැරින් නතරවේද?

highwayසතියේ අමාත්‍ය මණ්ඩල හමුව මෙවර පැවැත්වුණේ අඟහරුවාදා පෙරවරුවේය. ජනාධිපතිවරයා මුලසුනගත් රැස්වීම උණුසුම් වූයේ මහනුවර කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ගැන ඇමැති මණ්ඩල හමුවේදි ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප.යේ ඇමැතිවරුන් අතර හටගත් ප්‍රබල මතගැටුමක් නිසාය.

ආරම්භයේදීම මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා කියා සිටියේ මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ අවශ්‍යතාව පවතින්නේ කොළඹ සිට කුරුණෑගල දක්වා පමණක් බවය. කුරුණෑගල (පොතුහැර) සිට මාර්ගයෙන් එතරම් ප්‍රයෝජනයක් නොවන බවට චම්පික තර්ක කළේ හේතු කාරණා 4ක් ඉදිරිපත් කරමිනි. එහෙත් බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවාවන් හා ඉදිකිරීම් ගණනාවක් කපා දමා මේ ඉදිකිරීම සිදුකිරීම රටේ භෞතික සැලැසුමට ද විරැද්ධ බව ඇමැති රණවක සඳහන් කළේය

. එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ඊට එකඟ නොවූයේ මෙය නුවර ජනතාවට දුන් ඡන්ද පොරොන්දුවක් බව කියමිනි. සජිත් ප්‍රේමදාස හා රාජිත සේනාරත්නද ඔහුට සපෝට් කරද්දී දයාසිරි ජයසේකරද මේ අධිවේගී මාර්ගයය කුරුණෑගලින් හමාර කර ධාවන පථ මංතීරු 4ක පාරක් ලෙස ගලගෙදර හරහා ගෙනයෑම සුදුසු යැයි කීය

සරත් අමුණුගම අමාත්‍යවරයා ද නුවරට අධිවේගය අවශ්‍ය බව කීය. එහෙත් ඔහු චම්පික ගෙන ආ තර්ක බොහෝමයක් තමා පිළිගන්නා නමුත් නුවර වැසියකු ලෙස මහනුවරට අධිවේගයක් ඉදිකිරීමට විරුද්ධ විය නොහැකියයි කීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොතුහැර – මහනුවර මාර්ග කොටස ගැන අගමැතිවරයා පැමිණි විට ඔහු සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගතයුතු බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.