නුවර පාර ටයිසේට

highwayමධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ සඳහා ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව විසින් ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට නියමිතය.

වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප‍්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා මීට පෙර පෙන්වා දී තිබුනි.

මේ පිළිබඳව රජය ඒ සඳහා කරන ආයෝජන ගැන සැලකිය යුතු බව චම්පික රණවක ඇමතිවරයා පෙන්වා දී තිබින.

” අපට දැවැන්ත මූල්‍ය ණය බරතාවයක්‌ තිබෙනවා. අපේ සංවර්ධන ප්‍රමුඛතාවන් මොනවාද කියලා හඳුනාගත යුතුයි. ඒ වගේම මහා මාර්ගවල සිදුවන අවහිරතාවය ගැන අප බැලිය යුතුයි. මහා මාර්ගයට රුපියල් මිලියන ගණන් වැය වෙනවා. ඒත් කොළඹ පවුල් 25000 ක්‌ සිsටිනවා. වැසිකිළි පහසුකම් නැතිව. ඒ අය ෂොපින් බෑග් එකකට වැසිකිළි ගොස්‌ බේරේ වැවට වීසි කරනවා.” යැයි චම්පික රණවක ඇමතිවරයා පැවසුවේ තමන්ගේ මෙගා පොලිස් යෝජනා සඳහා ප්‍රතිපාදන අහිමිවේද යන සැකය මතුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.