නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර

nevil-hospitalමාලබේ ලෙන් අද(01) සිට නොමිලේ රෝගී සත්කාරක සේවා ආරම්භ කෙරේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා කටයුතු කරන අතර රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් එන්.ඊ.ඩබ්ලිව්.ජයසේකර මහතා පත් කොට ඇත.

මේ රෝහල පවත්වා ගෙන යෑම සඳහා මාසිකව කොටි 20ක්පමණ වැයවේ. රෝගීන්ට අවශ්‍ය සියලු ඖෂධ ද නොමිලේ ලබා දෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ වෛද්‍ය සැපයුම් අංශය විසින් අවශ්‍ය ඖෂධ මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබා දුන් බව ය. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් සංඛ්‍යව 600කි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.