නෙළුම් කුළුනේ සරදම

Nelum Kuluna - President Maithripala Sirisenaමෙරට ඉදිවන උසම ඉදිකිරීම යයි සැලකෙන ‘නෙළුම් කුළුණ’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිරීක්‍ෂණය කොට ඊළඟ දිනයේදී ඒ පිළබඳව පුරෝගාමියෙකු වූ අනුෂ පැල්පිට තුන් අවුරුදු සිරදඬුවමක් ලැබීම අපුරු සරදමකි.

ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්‍ෂම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් එහි ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන්නේ ’මේ තමන් ගේ වැඩක්’ බවට මුද්‍රා තැබීමට බව සැකයක් නැත.

මෙම ව්‍යාපෘතිය එන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට නියමිතය.
1. නෙළුම් කුළුණේ මීටර 292.2ක් (අඩි 958ක්) දැනටමත් ඉදි කර අවසන්ය. එහි ලෝහමය මුදුන් කණුව හා නෙළුම් පෙති ඉදි කිරීම සිදුවෙමින් පවතී.

2. 2017 ඔක්තෝබර් මස වන විට මෙම ව්‍යාපෘථිය මුළුමනින්ම අවසන් වීමට නියමිතව තිබු අතර, 2017 වසර අවසානයේ දී නෙළුම් කුළුණ විවෘත කිරීමට නියමිතව තිබුණි.

3. ඉදිකිරීම් අවසන් වූ පසු, අකුණු සන්නායක කණුවද සහිතව, කුළුණේ සම්පූර්ණ උස මීටර 350ක් වනු අැත.

4. නෙළුම් කුළුණට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කුළුණක් ලෙස ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමක කොමිසම අපට පැවසූ පරිදි, ඒකිීය සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුළුණ භාවිතා කිරීමේ අරමුණ වන්නේ සියළු සම්ප්‍රේශණ එකම ගුණාත්මක තත්වයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කිරීමයි. මෙහි අතුරුඵලයක් ලෙස දැනට ක්‍රියාත්මක සම්ප්‍රේශකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කර ගත හැක.

5. නෙලුම් කුලුනේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරගනු ඇත.

6. මීටර 215ක් (අඩි 705ක්) හා මීටර 219.8ක් (අඩි 721ක්) ඉහළින් අැති නෙළුම් කුළුණේ පළමු හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කටයුතු සඳහා භාවිතා කරීමට නියමිතය.

7. නෙළුම් කුළුණ හුදෙක් සම්ප්‍රේශණාගාරයක් නාෙවේ. මහල් තුනකින් සමන්විත එහි පදනමෙහි (base) සුඛෝපභෝගී සාප්පු සංකීරණ, භෝජනාගාර හා කෞතුකාගාරයක් පවා අඩංගු වීමට නියමිත අතර කුළුණේ ඉහල ස්ථරයන්හි උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක්ද ඉදි වෙනු අැත.

8. විදුලිසංදේශ නියාමක කොමිසමට අනුව, නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු කෙරෙනුයේ චීනයේ ආනයන අපනයන බැංකුව මගින් ලබා දුන් ණය මුදලකිනි. මෙම ණය මුදල කුළුණෙන් ලැබෙන අාදායමෙන් ගෙවා දැමීමට නියමිතය.

9. වරකට 450 දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් නෙළුම් කුළුණේ තෙවන (මීටර 219.8ක්/අඩි 721ක්) හා හතරවන (මීටර 224.6ක්/අඩි 737ක්) මහල් වල ඉදි වෙමින් පවතියි.

10. සිය කක්ෂය වටා භ්‍රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත – අාපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කෙරේ.

11. මීටර 244ක් (අඩි 784ක්) ඉහළින් අැත් කුළුණේ හත්වන මහල රාජ්‍ය අාරාධිතයන් සඳහා වෙන්වූ අති සුපෝඛභෝගී කාමර කිහිපයකින් සමන්විතය.

12 . මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවන අතර පෙති වීදුරුවලින් තැනීමට නියමිතය. වෙනස් වන වර්ණයන්ගෙන් යුත් එල්.ඊ.ඩී. බල්බ මෙම වීදුරු පෙති වලට සවි කරීමට ද සැලසුම් කොට අැත.

13. වෙසක්, අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ් ඒ් උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් මෙම නළුම් පෙති හැඩගැන්වෙනු අැත.

14. විදුලිසන්දේශ නියාමක කොමිසම විසින් නෙළුම් කුළුණ සැරිසැරීම සඳහා උපකාරක mobile app එකක් නිර්මාණය වීමටද නියමිතය. මෙමගින් නෙළුම් කුළුණේ අැති සිනමා හා අාපන ශාලා වල අාසන වෙන් කර ගැනීම යනාදිය පහසුවෙන් කර ගත හැක. තවද කුළුණ අාශ්‍රිත විවධ උත්සව සහ සිදුවීම් (events) පිළිබඳ තොරතුරු මෙම app එක හරහා ඔබට ක්ෂණිකව දැන ගත හැක.

15. නෙළුම් කුළුණට අැතුළු වීමට ටිකට් පතක් මිල දී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ පාසැල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් විය හැක.

16. මීටර 248.2ක් (අඩි 814ක්) ඉහළින් වූ කුළුණේ අටවන මහලේ අැති නැරඹුම් මැදරියෙහි දුරදක්න සවි කිරීමට නියමිතය.

17. කුළුණේ ඉහළට ගමන් කිරීමට විදුලි සෝපාන අටක් ඉදි කෙරෙනු අැත. මින් සෝපාන දෙකක් අධි වේගී සෝපාන වන අතර, දෙකක් සාමාන්‍ය වේගයන් ගමන් කරයි. මන්දගාමී සෝපාන තුන බොහෝ දුරට සේවා කටයුත සඳහා යොදැ ගැනේ. අධි වේගී සෝපානයෙන් පහත මාලයේ සිට නැරඹුම් මැදිරය දක්වා ගමන් කිරීමට ගත වනුයේ විනාඩියකට වඩා අඩු කාලයකි‍.

18. නෙළුම් පෙති එල්.ඊ.ඩී. බල්බ වලින් අාලෝකමත් වන්නා සේම, කුළුණේ කඳ ද flood light මගින් අාලෝකමත් කෙරෙනු අැත. මේ හේතුවෙන් රෑ කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම් කුළුණ දැක ගත හැකිවනු ඇත.
19. නෙළුම් කුළුණ අාශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් ක්‍රියාත්මකය. වාහන 2000ක් රැඳවිය හැකි භුගත රථ ගාලක් (underground parking lot), සියළු අාර්ථික මට්ටම්වල අය සඳහා නිමැවුණු සාප්පු සංකීර්ණයක්, ශ

 

රීර යෝග්‍යතා අංගනයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවන් මෙම දෙවන අදියරට අයත්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “නෙළුම් කුළුනේ සරදම

  • September 8, 2017 at 11:44 am
    Permalink

    Are you tying to make a case that since Anusha pelpita contributed this project He should be given a chance to use public money at his own interest or own decision at least getting approval from the board. Or are you trying to develop a case this is not M3 but MR so M3 should not go and visit this place. No…man you understand who ever does this these are public money. people of this country has to pay all these. the repayment period will exceed beyond several generations. So this is not from MR or M3 or Anusha.

    Please try t get rid of this slave feudal mentality.

    Reply

Leave a Reply

Your email address will not be published.