නේපාලයේ අතරමංවූ මාධ්‍යවේදීන් ගෙන්වා ගන්නවා-මංගල

mangalassසුදු වෑන් සංස්කෘතියට බියෙන් නේපාලයට ගොස් සිටින මාධ්‍යවේදීන් ඉදිරි සතිය ඇතුළත මෙරට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කළ ප්‍රශ්ණයට පිළිතුරු ලෙසයි.

රටහැර ගිය මාධ්‍යවේදීන් ඔවුන්ගේ ජිවිත ආරක්ෂා සදහා මෙලෙස රට හැර ගොස් ඇති බවත් යහපාලනය යටතේ ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ දැයි විමසා සිටියේය.

එයට පිළීතුරු වශයෙන් අමාත්‍ය සමරවීර මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍ය වෙත කල බලපෑම් අනුව හා සුදු වෑන්වලට බියෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් මෙරට හැර ගොස් ඇති බවයි.

ඔවුන් නැවත සිය රටට පැමිණිමට කැමැත්ත පල කළ ඇති බවත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

නේපාලයේ, සිටින ශ්‍රී ලංකීක මාධ්‍යවේදීන්මෙරට ගෙන්වා ගැනීමට ප්‍රමාද වුයේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ දී ඇති වු වක් බවත් එසේම ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීමට තිබූ නිසා බව ඔහු පැවසිය.

 

රික්ටර් මාපාංක ඒකක 7.9ක අගයක් ගනිමින් ඊයේ දිනයේදී නේපාලයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් මෙම මාධ්‍යවේදීන් නවාතැන් ගෙන සිටි නිවාස වලටද බරපතල හානි සිදුව ඇති  අතර ඔවුන් ගේ ජිවිත බේරී ඇත්තේ අනු නමයෙනි.

ගමන් බලපත්‍ර

 

 

 

‘පතුල’ වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල මහතා හා ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන මහත්මියත්, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශය විසින් පවත්වාගෙන ගිය ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ශාන්ත විජේසුරිය මහතාත් මෙසේ ජිවිත අවධානමට ලක්ව සිටිති. :

මේ අතර නේපාලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට පහසුකම් සපයන බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දී සිටි අතර, ඒ අනුව සහනාධාර රැගෙන අද අළුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සී 130 දරන යානයෙන් අව්‍යශ නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව ද අවධාරණය කර තිබිණ.

ඒ අනුව දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ශ්‍රී ලංකාව ඒමට කත්මන්ඩු ගුවන් තොටුපලට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන එම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන්ට ගුවන් ගමන් බලපත්‍රයක් නොමැතිවීමේ හේතුවෙනි.
එහෙත්

දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රය මෙන්ම  කල් ඉකුත්වු විදෙස් ගමන් බලපත්‍රයද ඔවුන් සතුය.
මේ වන විට සරණාගත කොමිසම පවත්වගෙන ගිය කාර්යලද විනාශව ඇති බැවින්  තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල බැගපත් ඉල්ලීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රතිෂේප කර ඇතැයි අපට දැනගන්නට ඇත.

එමෙන්ම 2015 අප්‍රෙල් 26 වනදා  ලංකාව බලා ඒමේ බලාපොරාත්තුෙවන් තමන් සතුව තිබු දැ නේපාලයේ සරණගතව සිටින අය හා බෙදාගෙන ඇති ඔවුන් මේ වන විට කත්මණ්ඩු නුවර පන්සල රැකවරණ ලැබ සිටින්නේ ඇදිවත පමණක්ද සමගිනි.

මේ අවසානාවන්ත තත්වය ගැන කිසිදු මානෂික පදනමින් කටයුතු කරන්නට අපොෙහාසත්ව සිටින නේපාලයේ ශ්‍රිලංකා තානාපතිවරයා හා එහි කාර්ය මණ්ඩලය ට අවැසි නියෝගයන් ලබාදෙමින් මේ මාධ්‍යවේදින් මෙරටට ගෙන්වා ගැනිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩිනම් අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන බව වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ෆ්‍රෙඩීගමගේ කියා සිටී.

රට අතහැර ගිය මාධ්‍යවේදීන් යළිත් මෙරට ගෙන්වා ගැනීම හොඳ දෙයක් වුවත් ඔවුන් පසුපස හඹා ගෙන ආ සුදු වෑන් ගැන හොයා බලන්න ආණ්ඩුව අදිමදි කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.