නේපාලයේ භූමිකම්පාවෙන් 850 ක් මරුට

 

 

නේපාලයේ කත්මන්දු නුවරට කිලෝමීටර් 50 ක් වයඹින් හටගත් භූමිකම්පාවෙන් දැනට 850 ක් පමණ මිය යන්නට ඇතැයි සහන සේවකයෝ කියති.

කත්මන්දු නුවර ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය කියනුයේ එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට හානි සිදු වු බවට මෙතෙක් තොරතුරු වාර්ථා වී නැති බවයි

416

 

වයඹ දිග නේපාලයේ ඇති දරහර කුළුන භුමිකම්පාවෙන් පසුව කණු දෙකක් බවට පත්ව ඇති බවත් එම කුළුණේ සුන්බුන් අතර බොහෝ දෙනක් යට වී සිටින බවට  සැක කෙරේ. තුවල ලත් පිරිස් නේපාලයේ ප්‍රධාන රෝහලට රැගෙන ආ බවත් මුලින් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මියගිය ගණන 4ක් බවයි. නමුත් මියගිය ගණන 500කට අධික විය හැකි බව විදෙශ මාධ්‍ය වර්තා සඳහන් කරයි.

 

 

408

 

භූමිකම්පාවෙන් පසුව නගර වැසියන් හිස් ලූ ලූ අත දිව ගිය අතර  ජංගම සහ අනෙක් සියලුම සංනිවේදන උපකරණ ඇන හිට තිබිණි.

‘‘ඒක හරියට භයන්කාර දර්ශනයක් පොළව සෙලවෙමින් තිබුණා. රෝහලේ සිටි මා ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් රෝහල් සේවිකාවන් හිස් ලු ලු අත දිව ගියා ‘‘ යැයි තම අත මතට බිත්තියක් කඩා වැටීමෙන් තුවල් ලත් සේවකයෙක් පැවැසීය.

7.9 ක් වූ මෙම භූමිකම්පාව වසර 98 කට පමණ හිමාලයේ සිදු වූ විශාලම භූමි කම්පාව මෙය සෙල සැලකේ.

 

409

 

413

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.