නොමිලේ අක්‍ෂි කාච දෙනවට ඇතැම් වෛද්‍යවරුන් ගෙන් බාධා – රාජිත

rajitha22නොමිලේ අක්‍ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් උත්සහ කරන බව සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් 6 වැනිදා පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇමැති රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අසරණ රෝගීන්ට අක්‍ෂි කාච ලබාදීම සඳහා “විෂන් 2020” නමින් වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරු මෙන්ම රෝගීන් මට විවිධ චෝදනා එල්ල කළා. ඒ වැඩසටහන මගින් ලබා දෙන්නේ බාල අක්‍ෂි කාච බව. මම අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නා රෝගීන්ගේ ශරීරයට ඇතුළු කරන උපකරණ සඳහා බාල ඒවා යොදා නොගන්නා ලෙස. බොරු නොකර මානුෂික ප්‍රතිපත්තියක සිට රෝගීන්ට සේවා කටයුතු කළ යුතුයි. ඇතැම් වෛද්‍යවරු මෙම වැඩසටහන කඩාකප්පල් කරන්න හදනවා. වුවමනාවෙන්ම කියනවා අක්‍ෂි කාච නෑ කියලා. ඒ ඔවුන්ට මෙතෙක්‌ ඖෂධ සමාගම්වලින් ලැබුණ ප්‍රතිලාභ අඩුවීම නිසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.