පඩි නැති පත්තරේ – රිවිර

sad man in officeනිලංක රාජපක්ෂ විසින් පවත්වාගෙන යන ‘රිවිර‘ ‘ද නේෂන්‘ ආදී පුවත් ප්‍රකාශයට පත් කරන ‘රිවිර මීඩියා කෝපරේෂන් ලිමිටඩ්‘ ආයතනයේ සේවය කරන දෙසියයක පමණ වූ මාධ්‍යවේදීන් සහ අනෙකුත් සේවකයන්ට මාස දෙක හමාරකින් වැටුප් ගෙවා නැත.

රුපියල්. 5000 ක දීමනාවක් ලබා ගන්නැයි පාලකයන් ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප වී ඇත. තමන්ට හිමි මාස දෙකහමාරක වැටුප ලබා දෙන්නැයි සේවකයින් පවසති.

රාජපක්ෂලා 2005 දී බලයට පත්වෙනවාත් සමග 2006 දී සේන යද්දෙහියගේ නමැති රිචඩ් පීරිස් සමාගම මිලට ගත් පුද්ගලයා විසින් රිවිර පුවත් පතද ආරම්භ කරන ලදී. පසුව 2008 පමණ වෙද්දී රටේ සියළු මාධ්‍ය තමන්ට නතු කර ගත යුතු යැයි සිතූ රාජපක්ෂලා විසින් නිලංක රාජපක්ෂ සහ මැදමූලනේ ඥාතියෙකු වූ ප්‍රසන්න වික්‍රමසූරිය යොදවා සේන යද්දෙහියගේ ගෙන් රිවිර පුවත්පත මිලට ගන්නා ලදී. පසුව ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වූ රවි විජේරත්නද රිවිරට ආයෝජනය කරන ලද අතර 2014 රාජපක්ෂලාගේ විනාශයෙන් පසු රවි විජේරත්න රිවිරෙන් ඉවත් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.