පණ රැක දුන් කළුවා

3f180203ec88031fea5f834dc4cd86da_L

 

රටේ තොටේ අසන්න දකින්න වෙන දේවල් අතරේ ටිකක් වෙනස් වු අපූරු කථාවක් අරණායක ඩී.ඩී විජේසිංහ හේවත් පුංචි වෙළෙන්දා ගේ ජීවිතයෙන් හමුවිය.   මෙ කථාව ලියන්නට තරම් විශේෂ  කාරණය වන්නේ ඔහු ළගින්ම ඇසුරු කරන ‘‘ කලූවා ’’ නමින් හදුන්වන ඔහුගේ සුනඛයායි. ඔහු හා සුනඛයා අතර ඇති බැදීම කෙතරම්ද කිව හොත් තමන්ගේ ජීවිතය පවා විටක බෙරා ගැනීමට තරම් මෙ තිරිසන් සත්වයා ඔහුට වරක් පිහිට වී ඇත.

තවත් විටක ඔහු අත් ට‍්‍රැක්ටරයේ දර පටවාගෙන යනවිට පාරේ ඇති කදු සහිත කොටස් පාමුලෙහි හිඳ ‘‘කලූවා’’ තම ස්වාමියා පැමිණෙන තුරු පාර මැද සිටින්නේ තම ස්වාමියා අමාරුවෙන් බඩු පටවාගෙන වාහනය කරදරයක් නොවි කන්ද උඩට ගැනිමට අනිත් පසින් පැමිණෙන වාහන බධා විම වැලක්වීමටය. එවන් අපූරු කථා කිහිපයක්ම මෙ දෙදෙනා අතර ඇති හෙයින් මෙ සටහන අප මෙසේ සටහන් කරන්නට සිත්විය.

දිව එළියට දමමින් හිට ගෙනම නිසොල්මනේ තම ස්වාමියා සමග යන මෙ අපූරු සුනඛයා නරඹන්නට පාරේ ගමන් කරන කවුරුත් අමතක කරන්නේ නැත. ඇතැමුන් ‘‘ අනේ අර මනුෂ්‍යයායි, බල්ලායි ’’ කියමින් අනුකම්පා විරහිතව කථා කරනු ඇසෙන්නේය. සෙමෙන් සෙමෙන් මා අසළටම පැමිණි ඔහුව මා අත දමා නවත්වන්න විය.

ඇයි මහත්තයා … ?

(ඔහු මගෙන් අසන්නට විය)

කොහේද මෙ යන්නේ

(මා ඔහුගෙන් ඇසුවේය.)

අනේ මහත්තයා මෙ ගෙදර යනවා බිස්නස් ගිහින් එන්නේ …

එතකොට බල්ලා කොහේද යන්නේ ? (කියමින් ඇසීය.)

එයා තමයි මට උදව් වෙන්නේ …

ඒ කියන්නේ මෙයා කරන උදව් මොනවාද ? (මා ඔහුගෙන් ඇසීය.)

මෙයා මට ගොඩාක් උදව් කරනවා.

(මා ඔබට මුලින් කී කතාව ඔහු මට පැවසූවේ එවිටය.)

ඔහුගේ නිවස පිහිටා ඇත්තේ අරණායකය. ඔහුගේ නිවස ආසන්නයේ තෙල්ලෙක විහාරස්ථානයේ අත් ට‍්‍රැක්ටරය නවත්වයි.

ඔහු සමග කථා කරමින් සිටියදී තවත් අපූරු කථාවක් ඔහු මෙසේ දිග හැරියේය.

‘‘ අනේ මහත්තයා කලූවා සමහර දවස් වලට දිප්පිටියෙන් බසිනවා. එක එයාගේ සුපුරුදු නගරයක් නිසා සමහර දවස්වලට එහෙම බහින්නේ. මම පස්සේ දවසේ යනකම් එයා බලා ඉන්නවා. අපි හැමදාම තේ බොන කඩවලින් එයාට කෑම බීම ලැබෙනවා. ඒ කරලා මාකර්ට් එකේ නිදා ගෙන ඉන්නවා. මං ගිහින් දිප්පිටියේ සෙඞ් එක ( තෙල් ගහන ඉන්ධන පිරවුම් හල )  ලග ඉදලා මාගේ ගාව තියන නලාව පිබ්නවා. එතකොට විනාඩි කිහිපයකින් එයා දුවගෙන එනවා. ඇවිල්ලා විනාඩ් 10 ක් විතර යනකම් කෑ ගහනවා. නැට්ට ගහනවා. මං හිතන්නේ එහෙම කරන්නේ මං දැකපු සතුට නිසා එයා කථා කරන හැටි වෙන්න ඇති.

මං සමහර දවස්වලට දිප්පිටියේ මෙයාව දලා එන්නේ එයාටත් නිදහසක් තියෙන්න එපැ යෑ…කියලා හිතලා. මොකද එයාගේ යාළුවෝ ගොඩාක් ඉන්නේ දිප්පිටියේ. අද මං යනවා දිප්පිටියේ මං එනකම් බලා ගෙන ඇති. දවස් දෙක තුනක් පහු වුනොත් එයා ටිකක් කෑ ගහනවා. ටවුමේ අය ඉතින් මෙ ගැන දන්න නිසා. බල්ලාට මුකුත් කරන්නේ නැහැ. එයාලාත් බල්ලට ගොඩාක් ආදරෙයි. සමහර නරක මිනිස්සු බල්ලාට හිරි හැර කරනවා. ඒ වුනාට කවදාවත් බල්ලා ඒ මිනිස්සුන් අත හැරලා දුවලා යනවා මිසක් එයාලාත් එක්ක ගොරි වෙන්න යන්නේ නැහැ.’’

විජේසිංහට  දැන් වයස අවුරුදු 50 කි. දරුවන් තිදෙනෙක් සමගින් ඔහු තෙල්ලෙක විහාරස්ථානය ආසන්නයේ ඇති ඉතා කුඩා නිවාසයක ජීවත් වෙන්නේ දර විකුණා හම්බ කරගන්නා සොච්චමෙන්ය. මුලින්ම පලා වර්ග රැගෙන ගම්පොළ නගරයට ගොස් අවට නිවාස වලට ලබා දෙමින් මුදල් සොයා ගත් ඔහු පසුව විල්බැරක්කයක් යොදා ගනිමින් වෙළදාම් කටයුතු කරන්නට විය. අමාරුවෙන් හම්බ කරගත් ධනය වියදම් කර රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් සොයා ගෙන අත් ට‍්‍රැක්ටරයක් ගත් ඔහුට අවසානයේ එය විකුණන්න වුයේ රුපියල් 23000 දහසකටය. ඒ තමන්ව රවටා කෙනෙකු විකුණු එම අත් ට‍්‍රැක්ටරය නිසාය. ඉන් පසුව පොල් කඩමින් ගස් කපමින් නැවත මුදල් අමාරුවෙන් සොයා ගත් ඔහු අද දර වෙළදාමේ යන අත් ට‍්‍රැක්ටරය මිළදී ගෙන ඇත.

‘‘ මහත්තයෝ මං එක දෙයක් කියන්න ඕනෑ. දවසක් මං අරණායක දර වලට ගහක් කපමින් ඉන්න කොට දිරපු ගහ එක පාරම කඩා වැටුනා. වැටිලා මම ගහට යට වුනා. මාත් එක්ක අත් උදව්වට හිටපු කෙනා දිව්වා එයාගේ බෙරුමට. අන්තිමෙදී මාව බෙරුනේ බල්ලා නිසා. එතකොට බල්ලා නිදා ගෙන සිටියේ එතනම උඩින් තියන ලොකු ගහ යට. ඌ කෑ ගහලා උඩ පැනලා පාරට දුවගෙන ගිහින් බුර බුරා පාසල් ළමයෙක් එතනට ගෙනල්ලා පෙන්නුවා. අන්තිමෙදී එයා මිනිසුන්ට කියලා මාව රෝහල් ගත කරා. තව ටිකක් වෙලා හිටියා නම් මාව මැරෙන්නත් තිබුණා. මාගේ ‘‘කලූවා ’’ ට මහත්තයා කථා කරන්න විතරයි බැරි. නැත්නම් එයා මනුෂයෙකුට වඩා හොඳ දේවල් දන්න කෙනෙක් ’’

මං රෝහල් ගත කරත් එයා රෝහලේ අවට තැන තැන ඇවිදමින් හිටියා කියලා ආරච්චිය මට ලැබුණා. සමහර අවස්ථාවල කෑමක් බිමක් නැතිව වුනත් කලූවා මං ලග ඉන්න සුදානම්. ඒ තරම් බැදිමක් අපි අතර තියනවා.

එතකොට කලූවා කරපු වෙනත් දේවල් මොනවාද ?

‘‘ මම කලූවාට බැහැලා යං කියපුවාම එයා බහිනවා. දවසක් කෑගල්ලට එහා තියන වට්ටාරම පන්සලට පයින්ම ගිහින් පයින්ම ආවා. මහත්තයෝ.. ට‍්‍රැක්ටරය ඩිසල් නැතුව හරි කොහේ හරි කැඩුනොත් බල්ලාට එතන ඉන්න කිවොත් මං ගිහින් එනකම් ඉන්නවා. බල්ලා ඉන්න නිසා කවුරුවත් කිට්ටු වෙන්නෙත් නැහැ. ඒ වාගේම තමයි මිනිස්සු දා ගත්තා කියලා එයා කළබල වෙන්නේ නැහැ ඒයාගේ පාඩුවේ එයා යනවා. ’’

ඔබට මග තොටෙදී හිරිහැර විදින්න වුන අවස්ථා තියනවාලූ නේද ඒ කොහේදීද ?

මහත්තයෝ.. අද මිනිස්සු බොන එක බත් කනවා වාගේ හැමදාම කරන්න පුරුදු වෙලා. දවසක් මං දිප්පිටියෙන් යනකොට බිපු මිනිස්සු ටිකක් තවත් බොන්න බොතල් ටිකකුත් අරන් මාගේ ට‍්‍රැක්ටරයට නැග්ගා මං ගෙදර එන ගමන මට එන්න දුන්නේ නැහැ මටත් බැනලා බල්ලාත් එලවලා එයාලා මාගේ සල්ලිත් උදුරාගෙන සතුටු වුනා. මං අමාරුවෙන් හම්බ කර ගන්ත සල්ලි. එදා මං කෑම කාලා හිටියෙත් නැහැ. උදේ ඉදලා වැඩ කරලා අමාරුවෙන් හිටියේ මහත්තයෝ. සමහර මිනිස්සු එහෙමයි. ඉස්සර වාගේ නෙවෙයි අද පාසල් ළමුන්ගේ පවා ගුණ ධර්ම ඇත්තෙම නැහැ.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.