පදිකයින් මහ පාරට. වේදිකාව වෙළෙඳුන්ට. මුසම්මිල් ගෝටගේ නීතිය වෙනස් කරය්.

96120_a-j-m-musammil-31හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ පදිකවේදිකාවේ වෙළදාම් තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කර නැවත පදිකවේදිකාවේ වෙළෙඳාමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ.

පුරපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කාලයක් තිස්සේ නොවිසඳී තිබූ මේ ගැටලුව පිළිබඳ තමන් ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය හා පැවැති සාකච්ඡාවලින් පසුව කොළඹ නගර සභාවට අයත් පදිකවේදිකාව පිළිබඳ ගැටලුව විසඳීම සඳහා නගරාධිපතිවරයා ලෙස තමන්ට පැවැරී ඇති බලතල උපයෝගි කර ගැනීමට තීරණය කළ බවයි.

පදිකවේදිකා වෙළදාම පිළිබඳ ගැටලුව විවිධ දේශපාලනඥයන් විසින් තමන්ගේ වාසියට හරවා ගැනීමට නිරතුරුවම උත්සාහ ගන්නා බැවින් තමන්ම එය විසඳීම සඳහා මෙසේ පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව පවසන නගරාධිපති මුසම්මිල් මහතා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අනුමැතිය පළවී ඇතැයිද සඳහන් කරයි. කොළඹ නගර සභාවට අයත් පදිකවේදිකාවල වෙළදාම් කිරීම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කරනු ලැබ තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.