පනත යටතේ තොරතුරු නොදුන්නොත් දැඩි අධිකරණ ක්‍රියාමාර්ග

තොරතුරු පනත යටතේ තොරතුරු ලබා නොදෙන හා තොරතුරු කොමිසමෙහි නියෝග පිලි නොපදින ආයතනවලට එරෙහිව ඉදිරි වසරේ සිට දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව තොරතුරු දැන ගැනීමේ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පවසා තිබේ.

අදාළ කැඳවීම්වලදී තොරතුරු කොමිසම හමුවේ පෙනී නොසිටීමත්, දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීමටත් එරෙහිව අවුරුදු 2 ක සිරඬුවමක් හා රුපියල් 5000ක දඩයකට යටත්කළ හැකි වරදක් බව ඒ මහතා පෙන්වා දෙයි.

පියතිස්ස රණසිංහ මහතා මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව ‘තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය පිළිබඳව සන්නිවේදනයේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය’ යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින්, කොළඹ ජානකී හෝටලයේදී  පැවැත්වූ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.