පපුව පැලී මියගිය තිදරුපියාගේ කථාව

Premarathna Gunasingheඋඩුගම ගමගේ ප්‍රේමරත්න ගුණසිංහ පනස් හැවිරිදි වියේ පසුවු තිදරු පියෙකි. ඔහු නාගොඩ ප්‍රදේශිය සභාවේ මාර්ග කම්කරුවෙකු ලෙස රැකියාව කළේය. ප්‍රේමරත්න උඩුගම සමගිගම ගම්මානයේ පදිංචිකරුවෙකි. ප්‍රේමරත්න ක්‍රිඩාවට දැඩිව ඇලුම් කළ අයෙකි. ඔහු පළාත් පාලන ආයතන අතර පැවැත්වෙන ක්‍රිඩා තරග වලට අනිවර්යෙන්ම සහභාගි වන්නේය. 2014 වර්ෂයේ පැවති පළාත් පාලන ක්‍රිඩා තරගාවලියේ දි මිටර් 400 දිවිමේ තරගයෙන් ජයග්‍රහණය කරණු ලැබුවේද ප්‍රේමරත්නය.

ප්‍රේමරත්න මලල ක්‍රිඩාවට පමණක් නොව ක්‍රිකට්, අත්පන්දු, යන ක්‍රිඩාවන්ටද දක්ෂකම් දැක්වු අයෙකි.පළාත් පාලන ආයතන අතර හෝ ගම් ප්‍ර දේශයේ ක්‍රිඩා තරගයක් පැවැත්වෙනවා නම් ප්‍රේමරත්න අනිවාර්යෙන්ම එම ක්‍රිඩා තරගවලට සහභාගි වන්නේය. මොහු ක්‍රිඩා; තරගවලට සහභාගි වුවද සැම දිනකම පහේ මත්පැන් ටිකක් පානය කිරිමට පුරුදුව සිටියේය. ඒ කාරියද කළේ කිසිවෙකුටවත් කරදරයක් නොවන ආකාරයටය.

ප්‍රේමරත්න දැනට වසර එකහමාරක පමණ සිට අධික රුධිර පිඩනයෙන් පෙලුනේය. මොන රෝගි තත්වයක් තිබුණද ප්‍රේමරත්න දුර දිවිම ආදි ක්‍රිඩා තරගවලට අනිවාර්යෙන්ම සහභාගි වන්නේය. තම දු දරුවන් ක්‍රිඩා තරගවලට ඉදිරිපත් නොවන ලෙස කෙතරම් ඉල්ලිම් කළද ප්‍රේමරත්න එය කණකට ගත්තේ නැත. ඔහු සායන වලට ගොස් මෙකි රෝගි තත්වය සදහා ප්‍රථිකාර ගත්තේ නැත. එහෙත් මොහු පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රථිකාර ලබා ගත්තේය.

ප්‍රේමරත්නගේ වැඩිමහල් පුතු සුපෙන් නදිර (25) පුද්ගලික ආයතනයක රැකියාව කළේය. මද්දුම දියණිය වන ඩි අයේෂා (21) පුද්ගලික ආයතනයක රැකියාව කළාය. බාල පුතු අසිදු සංකල්ප (16) අ.පො.ස උසස් පෙළ හදාරමින් සිටියේය. අනේ තාත්තේ දැන් තාත්තා ක්‍රිඩා තරග වලට යන්න එපා. තාත්තාට දුවන්න හොද නැහැ. දරුවන් නිරන්තරයෙන්ම පාහේ ප්‍රේමරත්නට කියන්නාහ.

මේ අතර දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යංශය මගින් නාගොඩ ප්‍ර දේශිය ලේකම් කාර්යාලය, ක්‍රිඩා සමාජ තරුණ සංවිධාන සහ රාජ්‍ය ආයතන සම්බන්ද කරගෙන ක්‍රිඩා උත්සවයක් සංවිධානය කරණ ලෙස උපදෙස් ලැබි තිබුණි. ඒ අනුව එම ක්‍රිඩා උත්සවය පැවතියේ නාගොඩ රාජකිය විද්‍යාලයේය. මිටර් දහස දිවිමේ තරගය සදහා නාගොඩ ප්‍ර දේශිය සභාව විසින් ක්‍රිඩකයින් දෙදෙනෙකු ඉදිරිපත් කොට තිබුණි. මින් එක් අයෙක් ප්‍රේමරත්න ගුණසිංහය. අනික් තැනැත්තා මාපලගම මානගේ මහින්දය.නාගොඩ ප්‍රදේශිය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිතුමිය දුරකථනයෙන් කථා කොට ප්‍රේමරත්නට හා මහින්දට නාගොඩ රාජකිය විද්‍යාලයේ පැවැත්වෙන ධාවන තරගයට සහභාවන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව ප්‍රේමරත්න ද මෙම තරගයට සහභාගිවිමට සුදානම් වුයේය. ඉන්න මම ඕයාට කමිසයක් මැදලා දෙන්න ප්‍රේමරත්නගේ බිරිද වන ඩි.ජි නදිකා දිපරුක්ෂි කිවාය. නැහැ මට සභාවෙන් දිපු ටි ෂර්ට් එක දෙන්න . අද සවස සභාවේ උත්සවයක්ද තියෙනවා ප්‍රේමරත්න කිවේය.

නාගොඩ ප්‍රදේශිය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිතුමිය දුරකථනයෙන් කථා කොට ප්‍රේමරත්නට හා මහින්දට නාගොඩ රාජකිය විද්‍යාලයේ පැවැත්වෙන ධාවන තරගයට සහභාවන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව ප්‍රේමරත්න ද මෙම තරගයට සහභාගිවිමට සුදානම් වුයේය. ඉන්න මම ඕයාට කමිසයක් මැදලා දෙන්න ප්‍රේමරත්නගේ බිරිද වන ඩි.ජි නදිකා දිපරුක්ෂි කිවාය. නැහැ මට සභාවෙන් දිපු ටි ෂර්ට් එක දෙන්න . අද සවස සභාවේ උත්සවයක්ද තියෙනවා ප්‍රේමරත්න කිවේය.

Udugama Gamage Premarathna Gunasingheප්‍රේමරත්න ධාවන තරගයට යාමට තම පාපැදියට ගොඩ වුයේය. තාත්තේ බෙහෙත් බිව්වාද දුව අයේෂා ඇසුවාය. එකත් අමතක වුනා. එහෙනම් දුවේ බෙහෙත් පෙති ටික ගෙනත් දෙන්න ප්‍රේමරත්න කිවේය. ඒ අනුව රුධිර පිඩනය සදහා ලබාගන්නා බෙහෙත් පෙති කිහිපයක් පානය කළ ප්‍රේමරත්න පාපැදියේ නැගි නාගොඩ රාජකිය විද්‍යාලය දක්වා පිටත්වුයේය. ප්‍රේමරත්න එහි යනවිට මහින්දද නාගොඩ රාජකිය විද්‍යාලිය ක්‍රිඩාංගනයට පැමිණ සිටියේය.

නාගොඩ ප්‍ර දේශිය සභාව නියෝජනය කරමින් මිටර් දහසේ තරගයට ඉදිරිපත් විම සදහා ප්‍රේමරත්න හා මහින්ද ක්‍රිඩාපිටිය වෙත ගියහ. රෝගි තත්වයක් තියෙනවානම් මේ තරගයට ඉදරිපත් වෙන්න එපා නාගොඩ ක්‍රිඩා සංවර්ධන නිලධාරි පුර්නිකා සදමාලි කිවාය. ප්‍රේමරත්නය රෝගි තත්වයක් තිබුනද ක්‍රිඩා කිරිමට ඇති ආශාව නිසාම ඔහු මෙම තරගයට ඉදිරිපත් වුයේය. ප්‍රේමරත්නට හා මහින්දට අංක දෙකක්ද ලැබුණි. තරගය ආරම්භ කිරිමට සියල්ල සුදානම්ය. මිටර් දහසක් දුර දිවිමේ තරගය ආරම්භ වු අතර මේ සදහා වයස් බේදයෙන් තොරව ක්‍රිඩකයින් රොත්තක් එක්ව සිටියහ.

ප්‍රේමරත්න හා මහින්ද පළමු වටය දිව ගියෝය. දෙවන වටයේ තුන් කාලක් විතර මේ දෙදෙනා දිව යන්නට වුහ. ප්‍රේමේ දැන් අපට වයසයි නේ .තරුණ අය එක්ක අපට දුවන්න දැන් බැහැ. අපි ධාවනයෙන් අයින් වෙමු මහින්ද කිවේය. ඒ වනවිට ප්‍රේමරත්න දැඩි වෙහෙසට පත්ව සිටියේය. ඔහු හුස්ම ගත්තේ ඉතා අපහසුවෙනි. දෙවන වටය අවසන් කිරිමට ආසන්න වෙමින් තිබුණි. මහින්ද අනික් තරගකරුවන් ගොඩක් දුර දුවලා නේ එහෙනම් අපි දෙදෙනා තරගයෙන් ඉවත් වෙමු ප්‍රේමරත්නද කිවේය. ඒ අනුව දෙදෙනා ධාවන තරගයෙන් ඉවත් වි ක්‍රිඩා පිටියේ වාඩි වුයේය. ප්‍රේමරත්න කිසිවක් කථා කළේ නැත. හේ විනාඩි පහළොවක් පමණ ක්‍රිඩා පිටියේ වාඩිවි සිටියේය. එකවරම ප්‍රේමරත්න හාස්,හාස් ගා ශබ්දයක් පිට කරමින් බිම දිගා වුයේය.

ප්‍රේමරත්න කඩිනමින් නාගොඩ රෝහලට ගෙන යාමට කටයුතු කෙරිණි. එහෙත් ඒ විනවිටත් ප්‍රේමරත්න මෙලොවින් සමුගෙන තිබුණි. ධාවන තරගයකට ඉදිරිපත් වි හේ ක්‍රිඩා පිටියේදිම ළය පැලි මිය ගියේය. දුර දිවිමට දැඩි ලෙස ඇලුම් කළ ප්‍රේමරත්නට අවසානයේ සිය ජිවිතයෙන් වන්දි ගෙවිමට සිදු වුයේය.

වෙහෙසකර ක්‍රිඩා තරග ඉසව් සදහා සහභාගි විමේදි එයට සහභාගිවන ක්‍රිඩකයින් අනිවාර්යෙන්ම වෛද්‍ය පරික්ෂණයට ලක්කල යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් චක්‍ර ලේඛනයක් නිකුත්කොට තිබේ. මිටර් 1500 දුර ධාවන, මිටර් 400 පිහිනුම්, සටන් කළා ඉසව්, පාපන්දු,රග්බි, කිලෝමිටර් පහට වඩා පාපැදි තරග, කදු නැගිම ශිෂ්‍ය භට, ආදි තරග ඉසව් සදහා සහභාගිවන ක්‍රිඩකයින් අනිවාර්යෙන්ම වෛද්‍ය පරික්ෂණයට පෙනි සිටිය යුතු වේ. ප්‍රේමරත්න සහභාගි වි ඇත්තේ මිටර් දහසේ දුර දිවිමේ තරග ඉසව්වක් නිසා මෙකි චක්‍ර ලේඛනයට අනුව නම් ඔහු වෛද්‍ය පරික්ෂණයට ලක්විය යුතු නොවේ.එහෙත් තමන් අධික රුධිර පිඩනයෙන් පෙලෙන බව දැන දැනත් ප්‍රේමරත්න මෙම ධාවන ඉසව්වට සහභාගිවිම අනුමක කළ නොහැක.

කෙසේවුවද පාසල් දරුවන්ට නම් තරගකාරි ඉසව් සදහා සහභාගිවිය හැක්කේ වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට පමණි. මැරතන් ධාවන තරගයකට ඉදිරිපත් විය හැක්කේ අවුරුදු 16ට වැඩි පාසල් දරුවන්ට පමණි. තරගකාරි ඉසව් වලට ඉදිරිපත්වන පාසල් දරුවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රිඩා වෛද්‍ය නිලධාරියකු විසින් වෛද්‍ය පරික්ෂණයකට ලක්කරති.ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රිඩා වෛද්‍ය ඒකකයේ ඕලිම්පික් ක්‍රිඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා කියන්නේ මේ වනවිට ක්‍රිඩා වෛද්‍ය සහතික ලබා දිය හැකි ක්‍රිඩා වෛද්‍ය නිලධාරින් 800 දෙනෙකු පුහුණු කොට ඇති බවය.

2013 වර්ෂයේ තරකාරි ඉසව් සදහා ඉදිරිපත් වු පාසල් දරුවන් 03 දෙනෙකු මරණයට පත්වුනා,2014 දි පාසල් දරුවන් 05 දෙනෙකු මිය ගියා. මේ නිසා අනිවාර්යෙන්ම තරගකාරි ඉසව් සදහා ඉදිරිපත්වන පාසල් දරුවන් වෛද්‍ය පරික්ෂණයකට ලක් කරණවා. ඒ නිසා 2015 හා 2016 වර්ෂවල එවැනි අවාසනාවන්ත සිද්ධින් වාර්තා වුනේ නැහැ.

නමුත් අපි ක්‍රිඩා තරග සදහා ඉදිරිපත්වන පාසල් දරුවන් අනිවාර්යෙන්ම වෛද්‍ය පරික්ෂණවල ලක් කලත් අනික් ක්‍රිඩා තරග සදහා ඉදිරිපත්වන ක්‍රිඩකයින් සියලු දේනා වෛද්‍ය පරික්ෂණ වලටලක් කරන්න අපහසුයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් නැහැ. ඇත්තටම මියගිය පුද්ගලයා අධික රුධිර පිඩනයෙන් පෙලි ඉදලා තියෙනවා. ඒ නිසා වයසක අය මෙන්ම තරුණයින් වෙහෙසකර ක්‍රිඩා ඉසව් සදහා ඉදිරිපත් වෙනවානම් වෛද්‍ය පරික්ෂණයකට භාජනය වෙලා ඉදිරිපත් විය යුතුයි. ඊ.සි.ජි.එකක් ලබා ගන්න ඕන.ශරිරයේ හැංගිලා තියෙන රෝග තියෙන්න පුළුවන් ඒ නිසා ඉදිරියේ එන අලුත්අවුරුදු උත්සව හා මෙවැනි ක්‍රිඩා තරග සදහා ඉදිරිපත් විමේදි වෛද්‍ය පරික්ෂණයට ඉදිරිපත් වි තරග වලට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටිනවා. යැයි හිමාන් ද සිල්වා කිවේය.

ප්‍රේමරත්න මියගිය බව දැනගත් විගසම දකුණු පළාත් ක්‍රිඩා ඇමති විරසුමන විරසිංහ මහතා මේ ගැන කඩිනමින් සොයා බැලුවේය. මොහු හැම තරගයකටම ඉදිරිපත් වන අයෙක්. අපි දකුණු පළාතේ මෙවැනි ක්‍රිඩා උත්සව 47ක් සංවිධානය කළා. නාගොඩ තමයි මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් වුනේ ප්‍රේමරත්න මිට කලින් තිබු ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රිඩා තරගවලදි මිටර් 400 තරගයට ඉදිරිපත් වෙලා රිදි පදක්කම් පවා ලබාගෙන තියෙනවා. මේ පවුල වෙනුවෙන රුපියල් 50000ක වන්දි මුදලක් ලබා දිමට මේ සතිය තුල කටයුතු කරණවා විරසුමන විරසිංහ ඇමතිවරයා කිවේය.

(ගාල්ල ලලිත් චාමින්ද)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.