පරයා කව්ද?

DL_PR_04.qxd

අනුරාධපුර පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ට පරවා ගෙන් පරයා හදුනා ගැනීමේ හැකියාව ඇති බවයි.

පරයා යනු පිටස්තරයාය .රනිල් වික්‍රමසිංහ  නිළ ප්‍රතිවදියාය එහෙයින් ඔහු පිටස්තරයා නොව අනෙකාය. මේ කලක් තමන්ට සර් කියාගෙන  සිටි සිරිසේනයන් ගැන කියූ කථාවක් වීමට ඉඩ තිබේ.

මහින්ද යළිත් පරදින බවත් ඔහුට  සහාය නොදක්වන බවත් සිරිසේන  ජනාධිපතිවරයා පසුගිය 14 වැනි දින  කියා සිටීමෙන් අනතුරුව මහින්ද කියා සිටියේ ඊට තමන්  අනුරාධපුර රැලියේදී පිළිතුරු දෙන බවයි .

මහින්ද රාජපක්ෂ කට දිග හැර ලුණු ඇඹුල් ඇතිව පිළිතුරු ටෝක් එකක් දෙනු  ඇතැයි පාක්ෂිකයෝ ද විශ්වාශ කරගෙන සිටියහ.

කෙසේ නමුත් අනුරාධපුරයේ පැවැත්වුණු මංගල රැලියේදී  මහින්ද තෝරා ගත්තේ වහෙන් ඔරෝ භාෂාවයි.

මේ කථාව තුලින් මහින්ද තමන්ගේ සීමාව ලකුණු කර් ගෙන ඇත. මහින්දට සිරිසේන ජනාධිපතිවරයා තෙරපිය හැක්ක්කේ එක් සීමාවකට පමණි.

මහින්දට හුරේ දමන්නට පිරිසක් සිටියත් ඔහුට යලිත් නායකත්වයේ සුක්කානම භාර දීමට පාක්ෂිකයින් බහුතරය සුදානම් නැත.

සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගට නව සංවිධායකයින් පත් කරමින් සිටී.මහින්දගේ පිළ මේ මැතිවරණයෙන් සීමිත ආසන ගණනක් හිමි කර ගත හොත් මහින්ද පිටිපස්සේ වැටෙන්නට කව්රුත් නොවනු ඇත.

එදාට පරයා කවුරුන්දැයි තේරුම් ගත හැකිවනු ඇත.

null

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.