පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට නීතිඥයාත් අහිමිවෙයි

lawප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ සාක්කි විභාගය අවසන් වීමෙන් පසු පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මැකීමට තමාට උපදෙස්‌ දුන්නේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා විසින් යෑයි පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් හෙළි කළේය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන් යටතේ තමාට තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් මේ කොමිසම හමුවේ පෙනී සිටීමට හැකියාවක්‌ නැති බවත් මෙතෙක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මෙට පෙර කියා සිටියේය.

කොමිසමට සියලු තොරතුරු ලබාදෙන ලෙස තමා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට කියා සිටි බවත් තමා මේ දුරකථන ඇමතුම් දත්ත මැකීම පිළිබඳ දැනුවත් නැති බව  ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!