පරාක‍්‍රමපුර විභාග මධ්‍යස්ථානයේ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයක් අඩුවෙලා

alඅනුරාධපුර පදවිය පරාක‍්‍රමපුර විභාග මධ්‍යස්ථානයෙන් උසස් පෙළ විභාගයට ඊයේ බෙදා දුන් ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලයකින් එක් ප‍්‍රශ්න පත‍්‍රයක් අඩු වී තිබෙනවා. මෙලෙස අඩුවී ඇති ප‍්‍රශ්න පත‍්‍රය වන්නේ රසායන විද්‍යා දෙවන කොටසට අදාල ප‍්‍රශ්න පත‍්‍රයක් බවටයි ලංකා ගුරුසංගමය පවසන්නේ.

රසායනික විද්‍යාව පැවැති ඊයේ දිනයේම ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු බෙදා හැර ඇති අත්පත්‍රිකාව සදහන් වූ අනුමාන ප්‍රශ්න පත්‍රය සහ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමාන බවයි ලංකා  ගුරුසංගමය තවදුරටත් පවසා සිටින්නේ .

ඒ අනුව ගම්පහ – රත්නාවලි බාලිකා විද්‍යාලය අසළ දී මෙලෙස අනුමාන ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා බෙදා හැරි උපකාරක ගුරුවරයා සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් යොදා පරීක්ෂණ සිදුකරන බව ගම්පහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනා.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද සිදුකළ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මාධ්‍යට අනාවරණය කර තිබුනේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.