පරිස්සමෙන්… ඒඩ්ස් වැඩි වෙලා

HIVගතවූ මාස හයයි දින දහයක්‌ තුළ එච්.අයි.වී. ආසාදිතයින් 127 දෙනකු හඳුනාගෙන ඇතැයි ඒඩ්ස්‌ මර්දන හා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

පසුගිය වසරේ (2015) මෙම කාලය තුළ එච්.අයි.වී. ආසාදිතයින් 116 දෙනකු හඳුනාගෙන ඇති බවත් එය මෙම වසරේ මෙම කාලය තුළ එච්.අයි.වී. රෝගීන් 11 දෙනකුගේ වැඩිවීමක්‌ පෙන්නුම් කරන්නේ යැයි ද ඔහු කියයි. සියයට 95 ක්‌ම අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා එච්.අයි.වී. ආසාදනයට හේතුව වී තිබේ. එච්.අයි.වී. ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙම වසරේ මේ දක්‌වා කාලය තුළ 6 ලක්‍ෂයක්‌ පමණ පරීක්‍ෂණ සිදුකර තිබේ.

වාර්ෂිකව කාන්තාවන්ට සාපේක්‍ෂව එච්.අයි.වී. ආසාදිත පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව යන බවත් පසුගිය වසර පහ තුළ වාර්තාවූ ආසාදිතයන්ගේ   දත්ත අනුව එය තහවුරු වන බවත් සමලිංගික සේවනය එලෙස ආසාදිතයින් වැඩිවීමට එක්‌ හේතුවක්‌ බවත් ලිංතාශ්‍රිත රෝග මර්ධන ඒකකය පෙන්වා දෙයි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.