පහර දීමට ඉඩ ඇති බව නිර්මාල් දැන සිටිය යුතුව තිබුනා- වාසුදේව

vasudevacc

 

 

පසුගිය මැයි පලවෙනිදා කිරුළපන පැවැති මහින්ද පාර්ශවයේ මැයිදින රැස්වීමේදී ආචාර්ය නිර්මාල් දේවසිරි මහතාට හා ආචාර්ය කුමුදු කුසුම්ට පහරදීමට හා පහරදුන් මැරයන් තවම අත්අංඩගුවට නොගැනීමට විරෝධය පළකරමින් පුරවැසි බලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (07)සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලිනි.

මෙමෙ පහරදීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ අනුදැනුම මත සිදුවූවක් බව ඔවූහු පවසති. ආචාර්ය දේවසිරිට පහර  දුන් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා රූපවාහිනි මාධ්‍යවේදීන් ගේ වීඩියෝ සටහන් පොලිසිය විසින් ඉල්ලා ඇත.

වාසුදේව නානායක්කාර කියා සිටියේ තමන් මේ ප්‍රහාරය හෙළා දකින නමුත් මහින්ද රාජපක්ෂ තරයේ හෙළා දකින ආචාර්ය දේවසිරි මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන දැනගෙන සිටිය යුතු බවයි.නිර්මාල් සහ කුමුදු කුසුම් කුමාර ආචාර්යවරු ඔත්තු බැලීමට පැමිණියේද යන සැකය මතුවෙන බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ ගේ ගොඩනැගෙන ජනතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි සිදුවීම් ඇතිකරන බවත් නානායක්කාර මහතා කියා සිටී.

 

 

[vsw id=”/1ex39tXN_5A” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.