පළමු හාද්ද

Khalil Gibran.jpg
 අරාබි ලෝකයෙන් බිහිවූ ලෙබනන් ජාතිකඛළිල් ජිබ්රාන් කවියා පළමු හාද්ද දුටුවේ මෙලෙසින්ය

පළමු හාද්ද වනාහි

එය, දෙවඟන විසින් ජීවිතයේ අමෘතය හා සමඟ මුව විට දක්වා පුරවා කුසලානේ ලා පානය කරන ලද පළමු බිඳුව වන්නේය. ආධ්‍යාත්මය රවටන්නා වූ සහ ආත්මය දුකෙහි හෙලන්නා වූ සංශයත්, සහෘදයා තුළ ආනන්දය ගලා යන නිශ්චිත භාවයත් යන දෙක බෙදා වෙන් කරන රේඛාවක් එය වන්නේය. එය ජීවන ගී පොතේ පළමු ගීය වන්නේය.එය උත්කෘෂ්ට මිනිසාත් සමගිය අවසන් වන නාට්‍යයේ පළමුවන ජවනිකාවත් වන්නේය. එය අතීතයේ පැවති අන්ධකාරය සහ අනාගත මහා ආලෝකය අතරත් බන්ධනය වන්නේය. හැඟීම්වල නිහඩතාව සහ ඒවායේ ගීතය අතරැති බන්ධනය එය වන්නේය. එය හදවත සිංහාසනයක් බවට පත් කරන්නා වූ ද, පේ‍්‍රමය ඔටුනු පළඳවන්නා වූ ද, තොල් සතරකින් ගැයෙන සංගීතයක නාද මාලාව වන්නේය. එය රෝස මල් නම් දෙතොල් පෙති තුලින් සහනදායී දිගු හුස්මකුත්, මුදු කෙඳිරියකුත් නංවාලන්නා වූ මුදු අතැඟිලි නම් මඳ පවනින් ස්පර්ශ කිරීම වන්නේය.පළමු හාද්ද වනාහී, ද්විමාන, ති‍්‍රමාන ආදී මානයන් සහිත ප‍්‍රකෘති ලෝකයෙන් ස්වප්න සහ ශැතිය සහිත ලෝකයක් කරා පෙම්වතුන් රැගෙන යන්නා වූ ආශ්චර්යවත් ස්පන්දනයෙහි ආරම්භය වන්නේය.
පළමු හාද්ද නම්, තම පරාග සම්මිශ‍්‍රණයෙන් තෙවන ආත්මයක් ජනිත වනු පිණිස සිදුවන සුගන්ධවත් දෙපුෂ්පයක සුසංගමය වන්නේය.

පළමු බැල්ම මිනිස් හදවත නම් වූ කෙතෙහි දෙවඟන විසින් වපුරන ලද ධාන්‍ය බීජය හා සමාන වන්නාක් මෙන් පළමු හාද්ද වනාහී ජීවිත වෘක්ෂයෙහි අතු අග පිපෙන පළමු කුසුම වන්නේය.

ජිබ්රාන් කවි සිතෙන් දුටු පළමු හාද්දේ සොඳුරු බව කැමරා උපනෙතින් නැරඹීමේ ලොබක් ජෝර්ජියානු ජාතික ටර්ටිය ප්යිලේවට ඇතිවිය.ආගන්තුකයින්  විසිදෙනෙක් තමන්ගේ පළමු හාද්ද හුවමාරු කරගන්නා මොහොතේ ඇතිවෙන තිගැස්ම පළමු හාද්ද නම් කෙටි සිනමා සිතුවමේ මැනවින් සටහන්  වී තිබින.යූ ටියුබ් නාලිකාවේ දසලක්ෂයකට වදී පිරිසක් මුව රොන් උරා  බොන හැටි නැරඹුහ.

පළමු හාද්දට  පසු ගිය වසරේදී කෑන්ස් සිනමා සම්මානයක්ද හිමිවිය.
[vsw id=”/IpbDHxCV29A” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
සුභාෂිනි උත්පලවන්නා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.