පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10

mahinda-deshapriyaපළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (18) පැවසීය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.

දෙවෙනි වටය

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ ද සිට ආරම්භ විය. නාම යෝජනා භාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය.

මහ නගර සභා 17ක්, නගර සභා 23ක් සහ ප්‍රාදේශීය සභා 208ක නාම යෝජනා කැඳවීම ලබන 21 වනදා දහවල් 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සදහා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය පැවැත්වෙන බැවින් නාමයෝජනා භාරදීමෙන් පසු ඊට බාධා වන අයුරින් කටයුතු කිරිමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂ සහ මැතිවරණ කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.