ප්ලාස්‌ටික්‌ සම්පතකි – මහාචාර්ය සුදන්ත ලියනගේ

sudantha-liyanageප්ලාස්‌ටික්‌ සහ පොලිතීන් කසළ ලෙස නොසලකා සම්පතක් සේ සැලකිය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි. අක්‍රමවත් ලෙස මේ ද්‍රව්‍ය පරිසරයට බැර කිරීම ප්‍රධාන ගැටළුවයි. මේ ගැටළුවට පිළිතුරක් හොයනවා වෙනුවට පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ භාවිතයෙන් ඉවත් කිරීම යන පහසු තීරණයට එළඹීම ගැටළුවට පිළිතුරක් නොවන බවයි මහාචාර්ය සුදන්ත ලියනගේ පෙන්වා දෙන්නේ.

‘ලෝකයේ සෑම රටක්‌ම පාහේ ප්ලාස්‌ටික්‌ වර්ග වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ එයින් පාරිසරික ගැටලු ඇතිවන බව නොදැන නෙමෙයි. එම පාරිසරික ගැටලු වළක්‌වා ගැනීමේ ක්‍රමවේදත් ඒ සමගම හඳුන්වා දී තිබෙනවා. එම ක්‍රමවේදයන් නියමාකාරයට පිළිපදිමින් ප්ලාස්‌ටික්‌ භාවිත කරන රටවල ප්ලාස්‌ටික්‌ නිසා පාරිසරික ගැටලු ඇතිවෙලා නෑ. පොලිතින් ආදිය භාවිත කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ඕන. අපේ රටේ පොලිතින් භාවිතය එන්න එන්නම වැඩිවුණත් පාරිසරික අර්බුදයක්‌ ඇති නොවන ලෙස ඒවා භාවිත කරන අන්දම පිළිබඳ ජනතාවට දැනුමක්‌ ලැබුණෙ නෑ. පොලිතින් කසළ වර්ගයක්‌ නෙමෙයි.

ක්‍රමවත් බැහැර කිරීම පිළබඳව අදහස් දක්වන මහාචාර්ය සුදන්ත ලියනගේ

‘පොලිතීන් ඇතුළු අපි භාවිත කරන බහුඅවයවීකරණ ද්‍රව්‍ය ප්‍රධාන කොටස්‌ හතකට බෙදල තිබෙනවා. එනම් මේ ඕනෑම නිෂ්පාදනයකට එකේ සිට හත දක්‌වා අංක ලබාදෙනවා. එහි අදහස එම ද්‍රව්‍ය එක්‌වරක්‌, දෙවරක්‌ හෝ තුන්වරක්‌ භාවිත කරන්න පුළුවන් කියන එක නෙමෙයි. එය එම ද්‍රව්‍ය වෙන්කර හඳුනා ගැනීම සඳහා යොදා ඇති කේතයක්‌. මේවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබාදීමට එකතු කරන විට අංක එක සඳහන් ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය එක ගොඩකටත්, අංක දෙක සඳහන් ප්ලාස්‌ටික්‌ වර්ග එක ගොඩකටත් වශයෙන් වෙන් කර එකතු කළ යුතු වෙනවා. එසේ කරන්නට බැරිනම් අඩුතරමින් මේවා පරිසරයට දමන්නෙ නැතිව අංක හතේම ප්ලාස්‌ටික්‌ වර්ග එක ගොඩකට එකතු කර ප්‍රතිචක්‍රීකරණයට ලබා දීමෙන් වුවත් මේ ගැටලුව විසඳාගන්න පුළුවන්’.

එහෙත් අපේ චින්තනය ඉතා නොදියුණු තැනක

“ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ක්‍රමවේද තුනක්‌ ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. එනම් මේවා ප්‍රතිචක්‍රීකරණය කර යළි යළිත් භාවිත කිරීම (රීයූස්‌), පරිහරණය හැකි තරම් අඩුකිරීම (රිඩියුස්‌) සහ මේ සියලු ද්‍රව්‍ය කසළ නොවන නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීම (රීසයික්‌ලින්). රීයූස්‌ – රිඩියුස්‌ සහ රීසයික්‌ලීන් යන මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ත්‍රීආර් සංකල්පය නමින්. මෑතකදී මේ ත්‍රීආර් සංකල්පයට රිෆියුස්‌ – එනම් පරිහරණය ප්‍රතික්‌ෂේප කරන්න – නමින් තවත් එකක්‌ එකතු වුණා. නමුත් පොලිතින්වල ප්‍රයෝජනයත් එහි ඇති වටිනාකමත් දන්නා ලෝකයේ උසස්‌ තාක්‌ෂණයකින් යුත් රසායනික කර්මාන්ත තිබෙන රටවල් රිෆියුස්‌ සංකල්පය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපේ රට රීයූස්‌, රිඩියුස්‌ සහ රීසයික්‌ලීන් සංකල්ප තුනම අතෑරල පොලිතීන් රිෆියුස්‌ කරන්න හදනවා. ඒ අපේ දැනුමේ තරම”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.