ප්‍රචණ්ඩක්‍රියා වල අඩුවක් නැත

 

ca_1cafe

 

 

නාම යෝජනා බාර ගැනීමේ දිනයට පෙර දින දිවයිනේ ස්ථාන ගණනාවකින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) ආධාරකරුවන් විසින් රථ වාහන පෙළපාලි පැවැත්වීමේ සිදුවීම් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය.

ඊයේ සවස 4.30 වන විටත් ඉවත් කොට නොතිබූ රාජගිරිය මැතිවරණ දෙපාර්තමේන්තුවට පිවිසෙන මාර්ගයේ කටවුට් කිහිපයක් පමණක් දෙසැ. 8 දින ඉවත් කොට ඇත. වැලිකඩ වටරවුම සිට ආයුර්වේද වටරවුම දක්වා පමණක් මෙලෙස පුවරු ඉවත් කිරීම සිදු කොට ඇති නමුත් ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක පුවරු ඉවත් කිරීමක් මේ දක්වාම සිදුවී නොමැත.

කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ සිදුවීම් 59 ක් වාර්තා වී ඇති අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 19 කි. ගිණි අවි භාවිත කරමින් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා ගණන අට (8) කි.

පැල්මඩුල්ල එජාප ප්‍රා.ස. මන්ත්‍රී පහරදීමෙන් රෝහලේ
රත්නපුර පැල්මඩුල්ල එජාප ප්‍රා දේශීය සභා මන්ත්‍රී මංජුල ඩයස් වික්‍රමනායක ට දෙසැ. 6 දින අලුයම වාහනයකින් පැමිණ පිරිසක් පහර දී ඇත. පැල්මඩුල්ල නගරයේ කොළ පැහිති කොඩි වලින් සරසමින් සිටිය දී පැමිණි ප්‍රා දේශීය දේශපාලනඥයෙකු තමන්ට පහර දුන් බව පවසයි.

කුරුණෑගල හිරියාල එජාප සංවිධායකට පහර දී රෝහලේ. වාහනයටත් පහරදෙති.
එක්සත් ජාතික පක්ෂ (එජාප) හිරියාල සංවිධායක ආසිරි ‍කුමාර හේරත් මහතාට ඊයේ සවස (7 වැනිදා) හිරියාල නගරයේ දී එල්ල වූ මැර ප්‍රහාරයකින් එල්ල විය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. හිරියාල ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා සභාපති යූ.කේ. සුමිත් මහතා ඇතුළු පිරිසක් ගිණි අවි වලින් සන්නද්ධව පැමිණි බව තමන්ට පහර දුන් බව තුවාල ලැබූ ආසිරි කුමාර මහතා පවසයි. රුස්වීම් කිහිපයකට යමින් සිටිය රථ වාහන පෙළපාලියක් පැමිණෙන නිසා මාර්ගය අසල වාහනය නතර කොට කඩයක තේ බොමින් සිටින අතර මෙම පහරදීම සිදුව ඇත.

හිරියාල ආසනයේ ඊයේ රථවාහන පෙළපාලියක් පැවති අතර එයට අමාත්‍ය සාලින්ද දිසානායක ද හා යූ.කේ.සුමිත් යන අය එක්වී සිටියේය. පහර කෑ එජාප සංවිධායකවරයා පවසන්නේ යූ.කේ සුමිත් තමන්ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවයි. ගිණි අවි භාවිතයෙන් සිදු වූ හත්වන ප්‍රචණ්ඩක්‍රියාව මෙයයි.

පුත්තලම, වෙන්නප්පුව දංකොටුවේ බෝම්බ ප්‍රහාරයක්
එජනිසයේ ප්‍රබල ආධාරකරුවෙකුව සිට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය පළ කළ ජී.පී.එච්.එන්. සරත් රත්නසිරි මහතා ගේ දඵවෙල පිහිටි නිවසට අද (දෙසැ. 8) අලුයම 3.30 ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇත. විදේශීය රටක නිශ්පාදිත අත් බෝම්බයකට කොටස් එම ස්ථානය අසල වැටී පවතී. නාම යෝජනා සමය තුල ගිණි අවි භාවිත කරමින් සිදු වූ අටවන ප්‍රචණ්ඩක්‍රියාව මෙයයි.

මහනුවර යටිනුවර දී හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩාරට ප්‍රහාර
යටිනුවර කඩුගන්නාව ප්‍ර දේශයේ පොදු අපේක්සක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මහනුවර රැළියේ පෝස්ටර් අලවමින් සිටි කණ්ඩායමට දෙසැ. 8 අලුයම 1.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. තිස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.

ප්‍රහාරයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩාර මහතා ට තුවාල සිදුව ඇත. ජයවීර බණ්ඩාර මහතා පවසන්නේ ප්‍රහාරය එල්ල කරනු ලැබූවේ බාහිරින් පැමිණි කණ්ඩායමක් විසින් බවයි. එජාප ආධාරකරුවන් තිදෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

පා.ම. උනයිස් ෆාරුක් ගේ රියට ගල් ප්‍රහාරයක්
පසුගිය දා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරමින් එජාප ට එක් වූ වන්නි දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා ගේ රියට දෙසැ. 7 දින සවස ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත. බොරුල්ල කොටා පාරේ පිහිටි නිවස අසල දී මන්ත්‍රීවරයාගේ රිය යතුරු පැදියක ගැටී ඇත. එහි දී ඇති වූ බහින්බස් වීමකට පසුව මන්ත්‍රීවරයාගේ රථයට ගල් ප්‍රහාරය එල්ල වී ඇත.

දේශපාලන පළිගැනීමක් ලෙස පහරදීම සිදු නොවූ බවට පොලීසිය පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හි නාම යෝජනා බාර ගැනීමෙන් පසුව රථ පෙළපාලි පැවැත්වීමේ සුදානමක් ඇතැයි කැෆේ සංවිධානයට වාර්තා වේ. ජනාධිපතිවරණ පනතේ විධි විධාන අනුව නාම යෝජනා බාර ගැනීමෙන් පසුව මැතිවරණය අවසන් වී දින 7 ක් ගත වන තුරු පෙළපාලි සහ පෙරහැර පැවැත්වීම නීති විරෝධී වේ.

(ඡායාරූප – හිරියාල ඒජාප සංවිධායකවරයා, ඔහුෙග් වාහනය, දංකොටුව නිවෙස් හිමිකරු සහ ඔහුගේ නිවසට සිදු වී ඇති හානිය ඡායාරූපවලින් දැක්වේ)

ca 2

lankanewsweb

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.