ප්‍රතිපාදනයේ ක්ෂණිකා ඉල්ලා අස්වේ

 

downloadjkjkj

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී. රණේපුර මහතා  පැවසීය.

ඊයේ (10දා) දිනයේදී අදාළ ලිපිය ලැබී තිබුණුබවත්, එම තනතුර සඳහා මෙතෙක් කිසිවෙකු පත්කර නැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ අතර ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය කෙරෙන ආකාරයට පැවැත්වීමට තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය හෙට (12දා) දින නොපැවැත්වෙන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පැවසීය.

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය විශ්ව විද්‍යාල ක්‍රමය දැඩිව දේශපාලනීකරනයට ලක් කල බව චෝදනා ලැබුවාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.