ප්‍රභා මහින්ද ලඟට ගෙනාවේ නැහැ-කරුණා

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමුණේ යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන හිටපු ජනපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා හමුවට පැමිණවීමෙන් පසුව බවට තමා පැවසුවේයැයි පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා කියයි.

ඔහු මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

තමා එවැනි කතාවක් කිසිදු මාධ්‍යකට හෝ වෙබ් අඩවියකට නොකී බවද ඔහු පවසයි.

තමාගේ නමට කැලල් ඇතිකිරීමත් ඡන්දය වෙනුවෙනුත් මෙවැනි දේ සිදුකර ඇති බවත්, ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු කියා සිටී.

බොරුකීම මාධය නිහස නොවෙයි

මෙවැනි දේ නොකරන ලෙසත්, බොරු නොකියන ලෙසත්, බොරුකීම මාධ්‍ය නිදහස නොවන බවත් ඔහු කියා සිටී.

ඔහු මාධ්‍යට නිකුත් කළ වීඩියෝව පහත දැක්වේ.

 

karuna_b[vsw id=”/O-vgwdUHfu4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.