ප්‍රවේසම් විය යුතු අපේක්ෂකයින් දෙදෙනා -ආර්.ඒ සිරිසේන සහ නාමල් අජිත් රාජපක්ෂ

ajithqqq

මෙවර ජනධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව මාධ්‍ය අවධානය ලබන තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් සිටිති.

දෙදෙනටම් ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයාට සමාන  නම්ය. හදිසියට කතිරය ලකුණු කිරීමේදී  ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ගෙන් කෙනකුට ගැසීමට අදහස් කරන ඡන්දයක් මේ දෙන්නා ගෙන් කෙනෙකුට ලකුණු වීමට ඉඩ ඇත.

මේ දෙදෙනාම ප්‍රධාන අපේක්ෂකයන්ට සම්බන්ධකම් තිබෙන අය බවට බලු බැල්මට කිව හැකිය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට හාස්‍ය මුසු ටෙලි නටය වලට පන පොවන    ආර්.ඒ සිරිසේන මහතා  දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂකයා  වශයෙන් ඉදිරිපත් වී සිටී. ජනාධිපති තමා ගේ ගම වන , මැදමුලන පදිංචිකරුවෙකු වන  රත්නායක ආරච්චිලාගේ සිරිසේන මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ග්‍රාම නිලධාරියෙකි. විධායක ක්‍රමය නැවත්වීමට දින සියයක් නොව දින 115 ක් අවශ්‍යය බව කියන මොහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සසේ රැස්වීම් අමතයි.

ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු  සිරිසේන යැයි අමත්නට පටන් ගත්තේ මේ නම් වල ඇතිවිය හැකි පැටලිල්ලෙන් ප්‍රයෝජන  ගැනීමට විය හැකිය.

නාමල් අජිත්  රාජපක්ෂ මහතා   තරඟ කරන්නේ “අපේ ජාතික පෙරමුණ” පක්ෂයෙනි. මානව හිමිකම්  නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් වන අතර  ඔහුගේ මැතිවරණ තේමාව වුනේ ‘පියාණෙනි මැ ඔබට ද්‍රෝහී වුවා නොවේ’යන්නයි. ඡන්ද පත්‍රිකාවේ “මහින්ද රාජපක්ෂ” නමට යටින් “නාමල් රාජපක්ෂ” ලෙසින් ඔහුගේ නම සටහන්  වෙනු ඇත.නාමල් අජිත් රාජපක්ෂ තරඟ කරනු ලබන්නේ දුරකථනය ලකුණෙනි.මැතිවරණ කොමසාරිස්වරයා පවසන අන්දමට ජනාධිපතිවරණය යනු රටේ පළමු පුරවැසියා වීමට කරන තරඟයයි. එහෙයින් එය බැරෑරුම් ලෙස ගත යුතු අවස්ථාවකි.

උදාර දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පොදු විපක්ෂ සන්ධානයත් මේ අවස්ථාව කොතෙක් බැරෑරුම් ලෙස ගන්නේද යන්න

නම් පැටලිල්ලකින්  වාසි ගැනීමට ගන්නා බාල උත්සාහයෙන් පෙනී යයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.