ප්‍රාදේශීය සභාවටත්නොගිය ජනාධිපති අපේක්ෂකයෙක් සිටීද?

Kumara Welgamaඅඩුම තරමේ ප්‍රාදේශීය සභාවකවත් සිටි අයෙකු ජනාධිපති කළ යුතු යැයි මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. පසුගියදා (06) පාර්ලිමේන්තුවේ පැවති පළාත් සභා ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරයි.

මෙරට රාජ්‍ය නායකයා බවට පත් කළ යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බවත් එම පුද්ගලයා ජනතාවගේ දුකසැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් ඔහු අඩුම තරමේ ප‍්‍රාදේශීය සභාවක හෝ නියෝජිතයෙකු වී තිබිය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටෙකත් ඡන්දයෙන් තේරී පත්වූ තනතුරක් දරා නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.