පාක්ෂිකයන්ට විශාල ජිවිත තර්ජන හා හිරිහැර -අනුර යාපා

yapa

 

ආණ්ඩුවේ දින සීයේ වැඩසටහනට එකඟද? ඊට සහාය දෙනවාද?

දින සීයේ වැඩ සටහනට අපි පාර්ලිමේන්තුව ඇතුළේ වගකියනවා. ඒ සහතිකය අපි ජනාධිපතිතුමාට දීලා තියෙනවා. පක්ෂ නායකයන් හැටියට සහ පාර්ලිමේනතුව තුළ මේ ගැන සාකච්ඡුා කරලා අපි අපේ සහයෝගය ලබා දෙනවා. 19වැනි දා පාර්ලිමේන්තුව රැුස්වුණාම ඒ ගැන සාකච්ඡුා කළ හැකි බව අපි විශ්වාස කරනවා. ව්‍යවස්ථා සංශෝධනය අපිටත් අවශ්‍යයි. ඒ සඳහා අපිත් එකඟයි. මේ රජය හදන සංශෝධන සහිත ව්‍යවස්ථාවේ පිටපතක් අපිටත් ලැබුණාම ඒක දැකලා බලලා සහ කියවලා සහාය දෙනවා. දකින්නේ නැතුව බලන්නේ නැතුව ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දෙන්න බැහැ. දින සීයේ වැඩ පිළිවෙලට සහය දීම පිළිබඳව විවාදයක් නැහැ.

ශ‍්‍රිලනිපයේ සභාපතිකම පිළිබඳ අර්බුදය විසඳා ගන්නේ කොහොමද?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ තියෙන පක්ෂයේ සභාපතිත්වය පිළිබඳ ගැටලූ අපි හුඟික් දුරට විසඳාගෙන තියෙනවා. මධ්‍යම කාරක සභාව හා විධායක සභාව එකට එක් වී ඒකමතික තීරණයක් තීන්දුවක් ගත්තා. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට තව දුරටත් ක‍්‍රියා කරනවා. මොනම අවස්ථාවකවත් පක්ෂය දෙකඩ වීමට ඉඩ දෙන්නේ නැහැ. යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් පරාජයට පත්වුණාම ඒ පුද්ගලයාට හෝ කණ්ඩායමට ප‍්‍රතිවිරුද්ධව අලූත් පාර්ශ්වයන් නිර්මාණය වෙනවා. ඒක වළක්වන්න බැහැ. ඒ හැම පාර්ශ්වයක් එක්කම සාකච්ඡුා කරලා ශ‍්‍රීලනිපය එකම පක්ෂයක් හැටියට තබා ගැනීම අපේ අරමුණයි.

 

 

හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති  අවසාන රැස්වීමීමේදී
හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති අවසාන රැස්වීමීමේදී

ශ‍්‍රීලනිපය දැන් මේ රටේ විපක්ෂයයි. මෙනවා කරන්නද බලාපොරොත්තුව?

විපක්ෂයක් ලෙසට විපක්ෂයේ වාඩිවෙලා විපක්ෂයෙන් කෙරෙන්න ඕන කාර්යය නොපිරිහෙලා ඉෂ්ඨ කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ රටේ වගකිවයුතු විපක්ෂයක් බවට පත්විය යුතුයි. රටේ මහජනතාව තමන්ගේ මහජන නියෝජිතයන් ලෙසට තෝරා පත්කරලා අපව පාර්ලිමේන්තුවට එවලා තියෙනවා. වගකීමක් නැති විපක්ෂයක් ලෙසට ක‍්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි අන්ත පරාජයක් ලබලා භීතියට පත්වෙලා දණින් වැටුණු විපක්ෂයක් නෙමේ. රජය කරන හොඳ වැඩ සියල්ලටම අපි සහාය දෙනවා. ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් ගැටලූවක් නැහැ.

Chandrika-Bandaranayake-Maithripala-Sir

ශ‍්‍රීලනිපය ලැබූ පරාජයත් එක්ක පක්ෂයේ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියක් තියෙනවාද?

ඊයෙත් කිව්වා, අදත් හෙටත් අපි නිර්භයව එකක් කියන්ඩ කැමතියි, අපි අන්ත පරාජයක් ලැබුවේ නැහැ. නමුත් ගම් මට්ටමින් සහ බිම් මට්ටමින් අපේ පාක්ෂිකයන්ව දිරිමත් කරන වැඩසටහනකුත් අපිට තියෙනවා. මොකද මේ වෙනකොට අපේතියෙනවා. මිහින්තලයේ දී අපේ පාක්ෂිකයෙක් මරලා. නිකවැරටියේදි තවත් පාක්ෂිකයෙකුට ඇසිඞ් ගහලා.

පුද්ගලික පහරදීම් හැම ආසනයකින්ම අපිට වාර්තා වෙනවා. මේවා ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. මැදවච්චියේ තියෙන්නෙත් ඉතාම දරුණු තත්ත්වයක්.
හොරකම් දූෂන හොයන්න වත්මන් ආණ්ඩුව පත්කරන්නට යන කොමිසම කෙරෙහි ඔබේ විශ්වාසයක් තියෙනවාද?

හොරකම් වංචා හා දුෂණ හොයන්න මේ ආණ්ඩුව කොමිසමක් පත් කරන බවට දිගින් දිගටම කියනවා. මේ ලංකාවේ පත්කළේ නැති කොමිෂන් මොනවාද කියලා කියන්නකෝ. දේශපාලනමය වශයෙන් පත්කරන කොමිෂන්වල නිර්වද්‍යතාව ගැන අපි නං සෑහීමකට පත්වෙන්නේ නැහැ. සිදුවෙන ක‍්‍රියාදාමයන්ට අනුව කොමිසමේ ක‍්‍රියාකාරීත්වය දැක්කාට පස්සේ කොමිසම ගැන අපි අපේ සතුට හෝ අසතුට පළකරනවා.

(රාවය-රුක්මාල් සිල්වා)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.