පාතාලය හමුවේ මුනිවත රකින ආණ්ඩුව..

146203684_d1පාතාලය නැවත වැඩ අරඹා තිබේ. පහු ගිය කාලය පුරාවට තැනින් තැන මිනී මැරුම් වාර්තා වූ අතර උසාවියක් ඉදිරි පිටදීද පුද්ගලයන් දෙදෙනෙක්ට වෙඩි තැබීමක් සිදු වුනි. එතෙකින් නතර නොවන මේ සිද්ධි දාමය තවත් පුරුකක් දික් වන්නේ භාරත ලක්ෂමන් නඩුවේ සැකකාර දෙමටගොඩ චමින්දට බන්ධනාගාර බස් රථය තුලම වෙඩි තැබීමත් සමගය.

ආණ්ඩුව එත් සද්ද නැත. පැය විසි හතරක් යන්නට මත්තෙන් ඊයේ (03) ඩැනී හිත්තැටිය ඝාතනයේ සැකකරු වෙඩි කා මරනුවට පත් විය.

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ආයුධ පෙන්වන්නට ගියවුන් අත් කකුල් විලංගු දා තිබියදී පලා යාමට වතුරට පැන්නාහ. සමහරු එම හැන්ගු ආයුධ වලින් පොලිසියට පහර දීමට ගොස් මැරුම් කෑහ.

අද කියා වෙනසක් නැත අද පොලිසියට හසු නොවීම නාදුනන වෙඩි කරුවන් අතින් රටේ නීතිය ක්‍රියාත්මක වන අතර පොලිසිය වැඩ පෙන්වන්නේ අහිංසක නිරායුධ විරෝධතා කරුවන්ට හෝ ගමේ හොරෙන් බඩ වියත රක ගැනීමට කෙසේල්කනක් කපු එකාට පමණි.

මේ පිළිබඳව ආණ්ඩුව මුනිවත රකින්නේ අයි යන්න ගැටලුවකි, එසේ මුනිවත රකින්නේනම් අපට  මේ සිදු වන්නේ ආණ්ඩුවේ ඕනා එපාකම් ද යන සාධාරණ සැකය මතු වේ. මන්ද මෑත කාලය පුරාවට වෙඩි තැබීමක් වාර්තා නොවූ දිනයක් ඇත්නම් ඒ එහෙමත් දවසක් වීමය. මේ යන්නේ ලංකාවත් වෙනිසුයුලාවක් වීමේ මාර්ගයේදැයි ගැටළුවක් පවතී. මේ අපරාධ රැල්ල නැවැත්විම රජයේ වගකීමකි. මාධ්‍ය සංදර්ශන දමමින් මිනිසුන් ගොනාට අන්දන වෙලාව ප්රෝයෝජනයට ගෙන මෙම තත්වයෙන් රට බෙර ගැනීමට රජය උනන්දු විය යුතුය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!