පාදෙණිය අපරාධ නොකර ගෙදර යන්න

padeniyaදොස්තර පාදෙණිය GMOA සභාපති ලෙස දැන් මෙහෙයවන වැඩ වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරන අතර අලුතින් සිතීමෙහිලා දුර්වල බැවින් දොස්තර පාදෙණියට දැන් GMOA සභාපති ධූරයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇතැයි, GMOA උප සභාපතිවරයෙකුද, එහි කමිටු සාමාජිකයෙකුද, වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුද, වෛද්‍ය අධ්‍යාපන ගුරුවරයෙකුවද සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා විසින් ජොස්තර පාදෙණිය වෙත අවවාදාත්මක ලිපියක් යවමින් පවසයි.

මේ උපුටා ගත් කොටස් කීපයක්.

*. ඔබ සංගමයේ සභාපති තනතුරට පත් වූ මුල් දෙවතාවෙහිම ඔබට සුබ පැතූ බව මට මතක තිබෙන නමුත් එම තනතුරෙහි දිගමට ඔබ රැඳී සිටීම මා අනුමත කෙළේ නැත.

*අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායක ය.මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි.

*දැන් සිදු වන දේ මුළුමනින්ම පිළිගත නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහා වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ කැඳවීම වැරදි ප්‍රවණතාවකි. ‘ඉක්ටා‘ වැනි සාමාන්‍ය දේශපාලන කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කිරීම ද පිළිගත නොහැක්කකි

*මා දන්නා පරිදි සෞඛ්‍ය සේවය තුල ඔබ ඉතා සැලකිලිමත් ළමා ස්නායුවේද වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. සෙසු සේවාවන්ට සාපේක්ෂව වෛද්‍ය සේවයේ සාමාජිකයන් හට වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔබට ගෞරවයක් තිබේ.

*එසේ නමුත් මා විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ සේවය කර ඇති කාලය බොහෝ වැඩි බවය. අලුතින් සිතීමෙහි ලා ඔබ දැන් දුර්වල ය. ‘බලය‘ හේතුවෙන් සාමාජිකත්වයේ පොදු හැඟීම් නොසලකන තත්ත්වයට ඔබ පෙළැඹී සිටී. මා සිතන පරිදි දේශපාලන ක්ෂේත්‍රයේ දී පවා කිසිවෙකු කොතරම් යහපත් අයෙකු වුවත් වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැත.

ඔබ දරණ තනතුරේ මෙම වාරය අවසන් වෙද්දී ඉන් ඉවත්ව යාමට ඔබ දැන් සැලසුම් කළ යුතු ය. මා අවංකව අපේක්ෂා කරන්නේ මගේ මෙම අවවාද යහපත් සිතින් ඔබ පිළිගනු ඇති බවයි.

ස්තූතියි

ඔබේ අවංක,

වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!