පාර්ලිමේන්තුව : දිනකට කෝටි 16 ක් ගිලින බහිරවයෙක්?

parlimentපාර්ලිමේන්තුවේ කටයුතු පවත්වා ගෙනයෑම සඳහා දිනකට රුපියල් මිලියන 16 ක් වියදම් වෙන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසයි. මේ මිලියන 16 වෙනුවෙන් ජනතාවට ලැබෙන්නේ කුමක්ද?

අත්‍යවශ්‍ය සේවා පනත වැනි වැදගත් පනතක් විවාදයට ගත් විට සෙංකෝලය රැගෙන දුවන මන්ත්‍රීවරු වැදගත් ප්‍රශ්නයක් ඇසුවිට නිදිකිරා වැටෙන මන්ත්‍රීවරු කථානායකවරයාට අපහාසාත්මක චෝදනා කරමින් ඔහුගේ මේසය වට කරන මන්ත්‍රීවරු. වරප්‍රසාද වලට මුවාවී පාර්ලිමේන්තුවේ නැති පුද්ගලයින්ට අපහාස කරන මන්ත්‍රීවරු අගමැති වරයාට වුව කුණුහරුපයෙන් බැනීමට සමත් මන්ත්‍රීවරයෙක්

කථානායක තේරීමේදී ලැබෙන තීරණයට තමන් එකඟ නොවන්නේ නම් මන්ත්‍රී භික්ෂුන්වහන්සේ කෙනෙකුගේ වෘෂන කෝෂ වුව මිරිකීමට පසුබට නොවන මන්ත්‍රීවරු.
නිදිකිරා වැටෙන මන්ත්‍රීවරු දිනකට වියදම්කෙරෙන රුපියල් මිලියන 16 වෙනුවෙන් ජනතාවට නොලැබෙන්නේ කුමක්ද?

කරුණු කාරණා සහිතව කෙරෙන පාර්ලිමේන්තු විවාදය නොලැබෙන ප්‍රධාන දෙයයි. යම්කිසි කරුණක් පිළිබඳව දත්ත සහිතව කෙරන් විවාදය එන් එම් පෙරේරා. කොල්වින් ආර් ද සිල්වා, ජේ ආර් ජයවර්ධන, එස් ඩබ්ලූව් ආර්. ඩීබණ්ඩාරනායක ආදීන් කරුණු දැක්වුයේ තර්කානුකුලවය. දැන් ඇති එකම වෙනස ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු එම කණ්ඩායම පමණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.