පාර්ලිමේන්තුව නැතුව අඩියක් ඉස්සරහට බැහැ-ජනපති

DSC01mithri

තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ දින සීයේ වැඩ සටහන සාර්ථක කරගැනීමට බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව තෝපාවැව විදුහලේ ජනාභිනන්දන උත්සවයේදී පැවසීය.
ජනපති වු පසුව ඔහු පොළොන්නරුවට ගිය මුල්ම අවස්ථාව මෙයයි.ජනපති පිළිගැනීමට ඉදිකැර තිබුණේ එකම තොරණක් පමණි.ජනපති හා අගමැති ගමන් කළේ එකම රථයකිනි.
‘නව රජයේ දින සියයයේ වැඩසටහනට ශ්‍රී ල නි ප යේ සහය ගන්න ඕනෑ. ඒ සහය නැතිනම් අපට ඉදිරියට යන්න බෑ. ඇයි පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරිදැයි කෙනෙකු අසන්නට පුළුවන්. ඔව් එහෙම කළ හැකියි. එවිට දින සීයත් ඉවරයි. අපේ සැලැසුමත් ඉවරයි. යැයි සිරිසේන මහතා පැවසීය.

 

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටීයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට අතරමැදක් නොවූ බවයි.රජ ගෙදර හෝ හිර ගෙදර තෝරා  ගත  යුතුවූ බවයි වික්‍රමසිංහ මහතා කියා සිටීයේ.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.