පාර්ලිමේන්තුව හමාරයි

1328279477_0 (1)

 

 

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණයට යොමුකොට ඇත.

මහ මැතිවරණය අගෝස්තුවේ

.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති දැඩි උත්සාහයක නිරත විය. එය සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව නොවිසුරුවන බවද ජනපති දෙවරක්ම පැවසීය. නමුත් පක්ෂ නායකයන් අතර එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගෝස්තු මස 17 හෝ ඊට ආසන්න දිනයක මහ මැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇත. නාම යෝජනා බාර ගැනීම ජූලි 6 වැනිදා සිට 15 වැනිදා දක්වා සිදු කරනු ඇත.

ව්‍යවස්‌ථාවේ 70 (1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් කැඳවීමටත් බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ව්‍යවස්‌ථාවේ 70 (5) වගන්තිය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ප්‍රකාශයක්‌ නිකුත් කරන විට එයත් සමගම අලුත් පාර්ලිමේන්තුව මුල්වරට රැස්‌වන දිනයද නියම කළ යුතුය. ව්‍යවස්‌ථාවේ 70 (5) (අ) (ආ) සහ (ඇ) වගන්ති අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත්, ඡන්දය සඳහා නාම යෝජනා කැඳවීමත්, ඡන්දය පැවැත්වීමත්, ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමත් සහ නව පාර්ලිමේන්තුවේ පළවැනි රැස්‌වීම පැවැත්වීමත් යන සියල්ල මාස 3 ක උපරිම කාල පරාසයක්‌ තුළ සිදුවිය යුතුය.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු ඡන්ද පනතේ 10 වැනි වගන්තිය මේ කාල පරාසයන් පිළිබඳ වඩාත් සවිස්‌තර කරුණු ගෙනහැර දක්‌වයි. මෙකී වගන්තියට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ නිකුත් කිරීමෙන් දින 10 ක්‌ ගෙවුණු තැන නාම යෝජනා භාර ගැනීම ආරම්භ වෙයි. ඊට දින 7 කට පසු නාමයෝජනා භාර ගැනීම අවසන්වෙයි. නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති 5 කට පසුව ඡන්දය පැවැත්වීමේ දිනය නියම කළ හැක. නමුත් එම දිනය නාමයෝජනා අවසන් කළ පසු සති 7 ක්‌ ඇතුළත විය යුතුය. මේ අනුව බැලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පවත්වා අලුත් පාර්ලිමේන්තුව රැස්‌වන දිනය නියම කිරීම සඳහා අවම වශයෙන් මාස 2 ක්‌ වත් තිබිය යුතුය. එනම් නාමයෝජනා භාර ගැනීමට දින 17 කුත් එතැන් සිට ඡන්ද දවස වන තුරු සති 5 ක අවම විරාමයකුත් වශයෙන්ය.

වත්මන් ආණ්ඩුවට දින 168කි. මීට පෙර ඩඩ්ලි සේනානායක රජයේ ආණ්ඩුව දින 33කින් අවසන් විය. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රාජාසන කථාව පරාජය වීමෙන් පසු එම ආණ්ඩුව ඉල්ලා අස්විය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!