පාර්ලිමේන්තු ඉංජිනේරුවා කථානායක අසුනේ ඉදගෙන…………

speakers-seatපාර්ලිමේන්තු කටයුතු අවසන් වූ පසු පාර්ලිමේන්තු ඉංජිනේරු සමන් පෙරේරා කතානායක නිල අසුනේ අසුන්ගෙන සභාවේ අස්පස් කළ සේවකයන්ට නියෝග දුන් බවට කතානායක කරු ජයසුරිය වෙත පැමිණිල්ලක් ලැබි ඇත.

පාර්ලිමේන්තු කටයුතු පෙරේදා (16) සවස අවසන්විමෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් සභා ගර්භයේ පවිත්‍රතා කටයුතු කරද්දි ඉංජිනේරුවරයා ඒ කටයුතු සොයා බලා ඇත්තේ කතානායක අසුනේ සිටය. මේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා කතානායක කරු ජයසුරිය මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තුව වැනි උත්තරිතර ආයතනයක කතානායකවරයා වෙත වෙන් කර ඇති අසුනෙහි මෙසේ වෙනත අයෙකු වාඩි වි සිටීමෙන් කතානාක තනතුරට මෙන්ම පාර්ලිමේන්තුවට කළ අගෞරවයක් බවද මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලේ දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කර මෙය ඉදිරියේදි පුර්වාදර්ශයක් ලෙස විමට ඉඩ නොතබන ලෙසත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!