පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීමේ තේරුම කුමක්ද?

electionපළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හා ඉන් නොනැවතී පළාත් සභා මැතිවරණය ද කල් දැමීමේ සැලසුමක් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළවෙමින් තිබෙන විවිධ ප‍්‍රචාර හා ප‍්‍රකාශ පිළිබඳව ආණ්ඩුව තම ස්ථාවරය අප‍්‍රමාදව ප‍්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කර ගනිමින් මැතිවරණ කල් දැමීමේ සැලසුමක් පිළිබඳ විවිධ පුවත් සහ ප‍්‍රකාශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළ වෙමින් ඇති අතර, එමඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සමාජයෙහි බරපතළ නොසන්සුන්තාවයක් ගොඩ නැඟී ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රියාවලිය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මූලිකාංගයක් ලෙස පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එබඳු මැතිවරණ ක‍්‍රියාවලියක තිර පැවැත්ම උදෙසා දිගුකාලීනව සටන් වැද තිබේ. එබඳු පසුබිමක් තුළ මෙරට මැතිවරණ ක‍්‍රියාදාමයට හානිදායක වන ඕනෑම පියවරක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිටින්නේ දැඩි අවධානයකිම බව එම සංවිධාන කියා සිටීි.

මෙහෙයින් මැතිවරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් හා ඒ ආශ‍්‍රිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිළිව ප‍්‍රකාශයට පත් කිරීම ආණ්ඩුවේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුවන් වන සී. දොඩාවත්ත සහ දිලීෂා අබේසුන්දර පවසති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.