පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කළ වෙළෙන්දන්ගෙන් රුපියල් මිලියන 14 ක් දඩ මුදල්

riceපාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කළ වෙළෙන්දන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැරදිකරුවන් වූ වෙළෙන්දන්ගෙන් රුපියල් මිලියන 14 ක් දඩ මුදල් වශයෙන් අයකරගෙන ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබද අමාත්‍ය රිෂාඩි බදියුධීන් පැවසීය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ මාර්තු (03) වව්නියාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ‘‘ සහල් ගැටලුවට ආණ්ඩුවක් වශයෙන් අපි උපරිම සිල්ලර මිලක් නියම කරා මේ උපරිම සිල්ලර මිලට එකග නොවෙමින් රට පුරා වෙළෙන්ඳන් වැඩි මිලට සහල් විකිණීම දෙශීය සහල් හා විදේශීය සහල් කලවම් කොට දේශීය සහල් විදිහට වැඩි මිලකට විකුණු වෙළෙන්ඳන් හා පාවිච්චියට නුසුදුසු සහල් විකුණූ වෙළෙඳ ස්ථාන 2000 කට අධික ප්‍රමාණයක් වැටලීම් කොට 1500 කට පමණ අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන 14 ක මුදලක් දඩ මුදල් වශයෙන් ගෙවුනු පෙබරවාරි මස අයකරගෙන තිබෙනවා” යනුවෙනුයි.

‘ඊට අමතරව මෙම සහල වෙළඳාමේදී ගම්මට්ටමින් විවිධ වූ ජාවාරම් සිදු වන බවට තොරතුරු ලැබී ඇති නසා මේ වන විට පාරිභොගික සේවා අධිකාරයේ නිලධාරීන් විසින් ගම්මට්ටමින්ද වැටලීම් සිදු කිරීමට පියවර අරන් තිබෙනවා ඒ වගේම උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් සතොස හරහා ජනතාවට ලබා දීමටත් මේ වන විට කටයුතු කරල තියෙන්නේ ඒ වගෙම ඉදිරියේදී එලඹෙන සිංහ දෙමළ අවුරුදු සමයේදීද හිගයකින් තොරව සහල් ඒ මිලටම ලබා දීමටත් කටයුතු කරනවා.

විශේෂයෙන්ම හදීසි අවස්ථාවල් වලදී අපිට පසුගිය කාලයේදීත් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් තියාගන්න අවශ්‍ය වුනත් තියාගන්න බැරිවුනා නමුත් අතිගරු ජනාධිපතිතුමාගෙත් අගමැති තුමාගෙත් උපදෙස් පරිදි කැබිනට් එකෙන් තීරණය වුනා සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කරලා හදීසි අවශ්‍යතාවයන්ට ලබාගන්නට ගබඩා කළ යුතුයි කියලා ඒ අනුව ඉතා ඉක්මනින් ඒ කාර්යද සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.