පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ

tax

පැවති වටිනාකම් තක්සේරුක්‍රමය වෙනස් කිරීම තුළ ආනයනය කරන පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ, අදාළ නව තක්සේරු ක්‍රමය හඳුන්වා දුන්නේ වාහන ආනයනය කරන්නන්ගේ ඉල්ලීමකට අනුව බව ය.

නව වාහන තක්සේරු ක්‍රමය පිළිබඳව අානයනකරුවන් දැනුවත් කිරීමක් ඊයේ ශ්‍රී ලංකා රේගුවේදී පැවත්විණි.වා.

මෙතෙක් කාලයක් පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කළේ ක්ෂයවීමේ වගුවක් පදනම් කරගෙන බවත් එය අතරු අයවැයෙන් ඉවත
දමා ඇති බවත් පෙන්වා දෙන වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒ නිසා අලූත්ම වාහනයකට
ගෙවන බද්ධ පාවිච්චි කළ වාහනයකටත් ගෙවන්නට සිදුව ඇති බව කියා ඇත.
මේ නිසා බලාපොරොත්තුවූවාටත් වඩා වැඩියෙන් ඉදිරියේදී මෝටර් රථ මිල ඉහළ යනු ඇති බව ඔවුන්ගේ මතයයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ, අදාළ නව තක්සේරු ක‍්‍රමය හඳුන්වා දුන්නේ වාහන ආනයනය කරන්නන්ගේ ඉල්ලීමකට අනුව බවත් බද්ධ එකක් වුවත් පාවිච්චි කළ ඒවා ගෙන්වන්නේ අලූත්ම ඒවාට වඩා අඩු මිලකට නිසා එම වාසිය ලබාගත හැකි බවත්ය.

 

 

 

 

 

 

used vehicles to shoot up in price.

 

 

[vsw id=”/a0myuBDRKEs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.