පාවෙන අවි නැව් සමාගමේ සේනාධිපතිට විදෙස් ගත වීමට අවසර

ඇවන්ට්ගාඩ් සභාපතිට රට යන්න ලැබේ

ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට කෙටි කාලයක් සඳහා ලබාදී තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට ලබන මාර්තු මස 2 වැනි  දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇත.

කෙටි කාලයක් සඳහා විදෙස් ගත වීම පිළිබඳ තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 10 බැගින් වූ  පුද්ගල ඇප දෙකක් මත ඔහුට විදෙස් ගත වීමට අවසර ලබා දුනි. ව්‍යාපාරික කටයුත්තක් සඳහා අද සිට ලබන 25 වනදා දක්වා විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් මෙම අවසර ලබා දී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.