පාසල් දැරිය පන්නිපිටිය ගුවන් පාලමෙන් පැන්න හේතුව හෙළි වේ

girl jumping bridgeපන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් අද ( 27) පන්නිපිටිය මගී පාලම මතින් පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළාය. ඇය පදිංචිව සිටියේ කොට්ටාව රුක්මල්ගමය.

මෙම දැරිය පස් දෙනෙකුගෙන් යුතු පවුලක සාමාජිකාවකි. මව සුළු වෙළෙදාමක් කළාය. ඇයගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කර තිබුණේ මවගේ සොයුරෙකි. නෑ කමට ඇයගේ මාමා කෙනෙකි. දැරිය ඔහුව වැඩිහිටියෙකුට ලබා දිය යුතු ගෞරවය සහිතව ඇසුරු කළාය.

එහෙත් මේ තත්වය වටහාගත නොහැකි වූ දැරියගේ මව මෙන්ම ඥාති නැන්දා කෙනෙක් ඇය සිය මාමා සමග නොමනා ඇසුරක් පවත්වන බවට නිරන්තරව චෝදනා කරමින් ඇනුම්පද කියා තිබුණි. ඇය විටින් විට සිය නිර්දෝෂී භාවය ගැන කියා තිබුණත් වැඩිහිටියන් එය තේරුම් අරන් නැත.

මේ පීඩනය දරාගත නොහැකිවූ දැරිය තම නිර්දෝෂී භාවය තේරුම් නොගන්නා අය සමග ජීවත්වීමෙන් පලක් නැති බව ලියා තබා පාලමෙන් පැන තිබුණාය.

පාලම මතින් පනින විට ඇය ඇද වැටී තිබුණේ පාලම යටින් ගමන්ගත් වාහනයක් මතටය.  දැරිය වහාම රෝහල්ගත කිරීමට අවට සිටි පිරිස කටයුතු කළේය.

ඇයව ඇතුළත් කරනු ලැබුවේ හෝමාගම රෝහලටය. ඇයගේ තත්වය බරපතල බව රෝහලේ වෛද්‍යවරු ඇය වහාම ජාතික රෝහල වෙත මාරු කර යැවූහ. දැරියගේ ගෙල ප්‍රදේශයට හා කශේරුකාවේ අස්ථිවලට බරපතල හානි සිදුවී ඇති බව ජාතික රෝහලේ වෛද්‍යවරු වාර්තා කළේය. කලක් ප්‍රතිකාර ගත යුතු තත්වය තරුණිය පසුවන බව එම ආරංචිමාර්ග කීවේය.

සිසුවියගේ පාසල් බෑගය, ටයි පටිය සහ පාවහන් යුවල පාලම මත තිබි පොලිසීය විසින් සොයා ගත්තේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.