පා ගමන අතරතුර කෙරුනේ ඝාතනයක් -අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

DNP_1233

නුවර සිට කොළඹ දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ පා ගමන අතරතුර ශිෂ්‍යයන් දෙදෙනෙකු මියයාම  සංවිධානය කළ කල ඝාතනයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේය.

2012 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප‍්‍රියංකර යන දෙදෙනා රිය අනතුරකින් සිදු වූ බව ඒත්තු ගැන්වීමට ඝාතකයින් උත්සහ කරන බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියා සිටී.

මරණ පරීක්ෂණය තවමත් අවසන් වී නැත.

 

Janaka Mathalan Sasitha MAIN

 

ජානක, ඔහුගේ දුෂ්කර ගම්මානයෙන් පළමුවරට සරසවියට තේරී ආ ශිෂ්‍යයා. ඔහු ඉතාමත් ලෙන්ගතු මිත්‍රයෙක්, සහෝදරයෙක්, ආදරණීය පෙම්වතෙක් ව සිටියා. ඒ වගේ ම ඔහුට පැහැදිලි දේශපාලන දැක්මක් තිබුණා මේ සමාජයේ යහපත් වෙනසක් ඇති කරන්න. ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ තාරුණ්‍යය සහ අවසානයේ ජීවිතය ද පරිත්‍යාග කළා.

සිසිත, 2010 වසරෙදී, වසර විසි ගණනාවකට පසුව ඔහු ජීවත් වන කටුක පරිසරයෙන්, සරසවියට තේරී පත්වන්නේ A සාමාර්ථ 2ක් සහ B සාමාර්ථයක් සහිතව. පැල්පත් නිවාසයක ආච්චි අම්මාගේ රැකවරණය යටතෙ හැදුණු සිසිතටත් මේ සමාජය වඩාත් යහපත් කොට ගොඩනගන්නට සිහිනයක් තිබුණා. ඒ සිහිනය සැබැ කරගන්න සහෝදරත්වයෙන් වැඩ කටයුතු කරද්දියි ඔහුගේ ජීවිතය ඔහුගෙන් උදුරා ගත්තේ.-බූන්දියේ සටහනකින්

 

 

[vsw id=”/kuwM0RYgNlo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.