පැය පහකට කලින් කටුනායකට එන්න

Bandaranaike International Airportවසර තිහකට පසු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 06 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබීමට නියමිතයි.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද කටුනායක දී පැවසුවේ එම කාළය තුළ දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බවයි.

ඒ හේතුවෙන් මගීන් ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණිය යුතු වෙයි.

අලුත් වැඩියාව සදහා වැයවන මුදල රුපියල් කෝටි 720කි.

ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කලේය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය.

ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැතිවරයා සදහන් කලේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.