පැරණි මිතුරන් සාද කථාවේ

 

 

 

DSC_4094

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද  ප්‍රධාන පෙළේ  හිමිවරුන් හමු විය.

හුණුපිටියේ ගංගාරාමයට ගොස් විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන්ද කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරයේදී විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නා හිමියන්ද, නාරාහේන්පිට අභයාරාමයේදී විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ද බැහැ දුටුවේය.

දේශපාලන වශයෙන් තමට අවාසිදායක තත්වයක් ඇතිවෙමින්තිබෙන නිසා ජන ප්‍රසාදය රැක ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා වෙහෙස වන බව පෙනේ.

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් එහි සාංඝික දානමය පිංකමක් තිබු අතර එහිදී පැරණි මිතුරෙක් හමු විය.

ඒ පක්ෂ අතර එහැ මෙහා යෑමට දක්ෂ දොස්තර රාජිත සේනාරත්න යි.

රාජිත සේනාරත්න පසු ගිය දවසක කියා සිටීයේ තමන් මෙම මැතිවරණයෙන් පැරදුනේ නම් මහින්ද රාජපක්ෂ තමන් සහ තමන්ගේ පුතා හිර ගෙදරට යැවීමට  ඉඩ තිබුණු බවයි.

මේ ඊට සතියකට පසුවයි.

මොකද හිතෙන්නේ ?

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.